ශ්රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර දඹුල්ලේ පැවැත්වෙන අවසන් විස්සයි20 තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායම පන්දුවාර 20 තුළදී කඩුලු 8ක් දැවී ලකුණු 162ක් රැස්කිරීමට සමත් වුණා.
ඒ අනුව ශ්රී ලංකා කණ්ඩායමට ජයග්රහණය සඳහා හිමි වූ ඉලක්කය ලකුණු 163ක්.
ශ්රී ලංකා කණ්ඩායම තරගයට සාර්ථක ආරම්භයක් ලබා ගත් අතර කොදෙව් ඉනිමේ කඩුලු 5ක් ලකුණු 62ක් තුළ දවාගැනීමට හැකිවුණා.
කෙසේ නමුත් 6වැනි කඩුල්ලට එක් වූ නායක රොව්මන් පවෙල් හා ගුඩකේෂ් මොටී පන්දු 26කදී ලකුණු 54ක සබඳතාවක් ගොඩනඟාගැනීමට සමත් වුණා.
ශ්රී ලංකාව වෙනුවෙන් වනිඳු හසරංග (2/24) හා මහීෂ් තීක්ෂණ (2/19) කඩුලු 2 බැගින් දවාගත්තා.