27.5 C
Colombo
Wednesday, October 23, 2024

ශ්‍රී ලංකාවට 190ක ඉලක්කයක්

- Advertisement -

ලකුණු 58කට කඩුලු 8ක් දැවී ඉතා අසරණව සිටි බටහිර ඉන්දීය කොදෙව් ඉනිමට ශර්ෆෙන් රදර්ෆඩ් සහ ගුඩකේෂ් මෝතී ගේ සටන්කාමී ඉනිම් හේතුවෙන් ශක්තියක් ලැබුණා.

රදර්ෆඩ් ලකුණු 80ක් ලබාගත් අතර මෝතී ලකුණු නොදැවී ලකුණු 50ක් රැස්කළා.

ඔවුන් දෙදෙනා 9 වැනි කඩුල්ල සඳහා රැස්කළ ලකුණු සංඛ්‍යාව 119ක්.

ඔවුන් පන්දු ඕවර 36කදී සියලුදෙනා දැවී ලකුණු 189ක් රැස්කළා.

පන්දු යැවීමේ දී වනිඳු හසරංග ලකුණු 40කට කඩුලු 4ක් දවාගත් අතර මහීෂ් තීක්ෂණ සහ අසිත ප්‍රනාන්දු කඩුලු 3 බැගින් දවා ගත්තා.

තරග 3කින් සමන්විත මෙම තරගාවලියේ දෙවැනි එක්දින ජාත්‍යන්තර තරගය මේ වනවිට පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

එහිදී කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක චරිත් අසලංක, පළමුවෙන් පන්දුවට පහරදීමට සංචාරක කොදෙව් කණ්ඩායමට ආරාධනය කළා.

අද දහවල් ඇතිවූ වර්ෂාව හේතුවෙන් තරගය පන්දු ඕවර 44කට සීමා කිරීමට තරග බලධාරීන් තීරණය කළා.

RECENT ARTICLES - SINHALA

හරක්කටාගේ නඩුව කැඳවද්දී විනිසුරු තීන්දුවෙන් මාධ්‍යවේදීන් එළියට දාලා

ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජවාරම්කරුවකු මෙන් ම පාතාල කල්ලි නායකයකු වන නදුන් චින්තක නොහොත් හරක් කටා නමැත්තා ඇතුළු තිදෙනෙකු සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුව...

නෙරොච්චෝල බලාගාරයට උඩින් ඩ්‍රෝනයක් යවලා

නොරෝච්චෝල ලක්විජය බලාගාරය උඩින් පියාසර කරමින් තිබූ ඩ්‍රෝන කැමරාවක් බලාගාර භූමියට කඩා වැටීමත් සමග ගුවන් හමුදාව හා අනිකුත් ආරක්ෂක අංශ එක්ව විශේෂ විමර්ශනයක් ආරම්භ...

මීටපස්සෙ සහන මිලට බංගලා දෙන්නෙ නැහැ – ඇමති විජිත

ජයේ පාලනය යටතේ පවතින වන ජීවී බංගලා මින් ඉදිරියට අමාත්‍යවරුන්ට ඔවුන්ගේ සමීප ඥාතීන්ට හා අමාත්‍යාංශ නිලධාරීන්ට සහන මිලට ලබා නොදෙන බව ජනමාධ්‍ය අමාත්‍ය විජිත...

POPULAR ARTICLES

ශිෂ්‍යත්ව විභාගය ගැන මානව හිමිකම් කොමිසමෙන් දැනුම්දීමක්

ආන්දෝලනයට තුඩුදුන් පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් සිය නිර්දේශ කඩිනමින් යොමු කරන බව මානව හිමිකම් කොමිසම පවසනවා. එහි කොමසාරිස් නීතිඥ නිමල් පුංචිහේවා...

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

2023/2024 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මත උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව සඳහා ලබන 31 වැනිදා දක්වා සිසුන් බඳවා ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. මේ පිළිබඳව අධ්‍යාපන...

Breaking : නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීම නීති විරෝධියි – ශ්‍රේෂ්ඨාධිකරණය

මහ මැතිවරණයට වන්නි දිස්ත්‍රික්කය වෙනුවෙන් භාරදුන් පරරාජසිංගම් උදයරාසාගේ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීම නීතියට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (23) නියෝග කළා. ඒ අනුව නාම...