ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව් දෙනාගේ වටයේ දෙවන තරගය මෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන පළමු තරගය බංග්ලාදේශ කණ්ඩායම සමඟ අද (09) පැවැත්වෙනවා.
ඒ කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී .
තරගයේ කාසියේ වාසිය බංග්ලාදේශ නායක Shakib Al Hasan විසින් හිමිකර ගත් අතර ඔහු පළමුව පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළා.
ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කරමින් පළමුව පන්දුවට පහරදීමට පිටියට පැමිණියේ ආරම්භක පිතිකරුවන් වන පැතුම් නිස්සංක හා දිමුත් කරුණාරත්නයි.
පන්දු ඕවර50 දී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9 ක් දැවී ලකුණු 257ක් ලබා ගත්තා.
සධීර සමරවික්‍රම ලකුණු 93ක් රැස්කළා.
කුසල් මෙන්ඩිස් ලකුණු 50 සහ පැතුම් නිස්සංක ලකුණු 40 ක් ලබා ගැනීමට සමත් වුණා
පන්දු යැවීමේදී Shoriful Islam කඩුලු 02, Taskin Ahmed කඩුලු 02, Hasan Mahmud කඩුලු 03 බැගින් ලබා ගත්තා.
මේ අනුව බංග්ලාදේශ කණ්ඩායමට ලකුණු 258 ක ඉලක්කයක් හිමිවුණා.