29 C
Colombo
Saturday, July 6, 2024

සුදුවෙන ක්‍රීම්වලින් වකුගඩු රෝග ඇතිවීමේ ප්‍රවණතාවයක්

- Advertisement -

සම සුදුවීම සඳහා භාවිත කරන විවිධ ක්‍රීම් වර්ග හේතුවෙන් පිළිකාවලට ගොදුරුවූ පුද්ගලයින්ට වඩා වකුගඩු රෝගවලට ගොදුරුවූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරනවා

අද (03) පෙරවරුවේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ජාතික රෝහල් සම පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට මහත්මිය ඒ බව සඳහන් කළා.

මෙහිදී වැඩිදුරටත් අදහස් පළකළ විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට මහත්මිය,

“ලෝක සෞඛ්‍ය සංවිධානය සහා ශ්‍රී ලංක සෞඛ්‍ය අමාත්‍යාංශය අතර වැඩපිළිවෙළක් යනවා රසදිය පාවිච්චිය සම්පූර්ණයෙන් නැති කරන්න. ඒ කියන්නේ රසදිය ප්‍රමාණය බිංදුව වෙන්නේ ඕනේ. දැන් මේවා පාවිච්චි කරන්නේ එක තැනකට නෙමෙයිනේ මුළු ඇඟේම. මුළු සිරුරෙම විශාල රසදිය ප්‍රමාණයක් අලේප කළාම ඒක සම හරහා රුධිරයට අවශෝෂණය වෙන්නේ නැහැ කියලා කිසිම වගකීමක් නැහැ. එතකොට එහෙම වුණාම ඇත්තටම රසදියවලින් පිලිකාවලට වඩා වෙන්න පුළුවන් දේ තමයි වකුගඩු අකර්මන්‍ය වීම. ශ්‍රී ලංකාව කියන්නේ හේතුවක් හඳුනා නොගත් වකුගඩු රෝග ඉතාම බහුලව තියෙන රටක්. ඒකට මේවයින් බලපෑමක් වෙනවාද කියන එක අපි කොහොමද පෙන්වන්නේ ?”

“පැය 24ක් තුළ මම පරික්ෂා කරන රෝගීන් දළ වශයෙන් 60ක් විතර සායන 40කින්. ඒ මුළු ගණනින් 06 දෙනෙක් ඒ කියන්නේ 10%ක් සුදුවෙන ක්‍රීම් නිසා ඇතිවුණ ගැටලු සහිත ආවේ. මේවා දිර්ඝ කාලීන නෙමෙයි කෙටිකාලීන… වැඩි හරියක් තියෙන්නේ Stretch marks.”

“දැන් සමහර දේවල් දකිනවා… උදාහරණයක් විදිහට අත්ල පතුල් කලු වෙනවා. ඒ හැම කේනාගෙම පොදු සාධකය සුදුවෙන ක්‍රීම් භාවිතය. ඒ වාගේම නියපොතු දුඹුරුපාට… තැඹිලි පාට වෙනවා. මේවා පසුගිය මාස කිහිපය තුළ ඉස්සර දැක්කට වඩා අධික වශයෙන් දකිනවා. එන්න එන්නම මේ කෙටිකාලීන් අතුරු අබාධ වැඩියි. දීර්ඝ කාලීන වෙන්න කලින් මේ කෙටිකාලීන ඒවා ටික වෙනවා. පිළිකා එන්න කලින් වකුගඩු නරක් වෙලා ජීවිතය හානි වෙන්න පුළුවන්.”

RECENT ARTICLES - SINHALA

ඊළඟ ඡන්දෙට ඇඟිලි පාට කරන්න ඕනේ නැහැ – පැෆරල්

මැතිවරණයකදී ඇඟිලි පාට කිරීමේ ක්‍රමවේදය තවදුරටත් අනවශ්‍ය බව ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලයේ සභාපති පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසනවා. ‘මව්බිම’ වෙත ප්‍රකාශයක් ලබා...

රාජ්‍ය අංශයේ වැටුප් ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්

රාජ්‍ය අංශයේ යළි වැටුප් වැඩි කිරීමක් මේ වසරේ සිදු කළ නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඌව පළාත් ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයන් බල ගැන්වීමේ...

78 හැවිරිදි කාන්තාවක් දූෂණය කිරීමේ සිද්ධියකට පාසල් සිසුවෙක් අත්අඩංගුවට

බලන්ගොඩ නගරය ආශ්‍රිතව ඇති දොරවෙල ඔය ප්‍රදේශයේදී ඉකුත් 27වනදා 78 හැවිරිදි විවාහක කාන්තාවක දුෂණය කර අභිරහස් ලෙස ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 17 හැවිරිදි පාසල්...

POPULAR ARTICLES

අපිට හැමෝම හොරා හොරා කියලා බනිනවා – නාමල්

තාක්ෂණය සමඟ බද්ධ වුණු රාජ්‍ය යාන්ත්‍රණයක් සහ රාජ්‍ය පාලනයක් නිර්මාණය කිරීම තුළින් වංචාව හා දූෂණය අවම කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව පොහොට්ටුවේ...

රත්නපුර නගරය අඳුරු වෙයිද?

වීදී ලාම්පු සදහා රත්නපුර මහ නගර සභාව ඇතුළු රත්නපුර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවලින් විදුලි බල මණ්ඩලයට අයවිය යුතු රුපියල් මිලියන ගණනක මුදල් නොගෙවීම නිසා...

අද රාත්‍රියේ සිට පැය 18ක ජල කප්පාදුවක්

අද (04) රාත්‍රී 9 සිට පැය 18ක ජල කප්පාදුවක් සිදුකෙරෙන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. එම මණ්ඩලය පවසන්නේ කොළොන්නාව නගර සභා බල සීමාව,...