30 C
Colombo
Saturday, November 16, 2024

නවක මන්ත්‍රීවරුන්ට දින තුනක වැඩමුළුවක්

- Advertisement -

10වන පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු සම්ප්‍රදාය සම්බන්ධව සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳව දින 03ක වැඩමුළුවක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

නව පාර්ලිමේන්තුවක් පත්වෙන අවස්ථාවල මෙලෙස වැඩමුළුවක් පැවැත්වීම සිදු වෙනවා.

එම වැඩමුළුව එළඹෙන 25, 26 සහ 27 යන දිනවලදී  පැවැත්වෙනවා.

ඒ් සම්බන්ධයෙන් වන ගැසට් නිවේදනය අද (16) දිනයේ නිකුත්වීමට නියමිතව තිබෙනවා.

නවක මන්ත්‍රීවරුන් ලියාපදිංචි කිරීමට අදාළ කටයුතු හෙට (17) සිට ආරම්භ කෙරෙනවා.  

පාර්ලිමේන්තු සන්නිවේදන අංශය පවසම්මේ ඒ් අනුව නවක මන්ත්‍රීවරුන්ට හෙට සිට ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ ලියාපදිංචි විය හැකි බවයි.

අදාළ මන්ත්‍රීවරුන්ට අවශ්‍ය තොරතුරු දැනගැනීම සඳහා 19 වනදා සහ 20 වනදා පාර්ලිමේන්තුවේ තොරතුරු කවුලු දෙකක් විවෘත කිරීමට ද පියවර ගෙන තිබෙනවා

නව පාර්ලිමේන්තු සැසිය ලබන 21 වනදා උදෑසන 10ට රැස්වීමට නියමිතයි.

එදින පාර්ලිමේන්තුවේ ප්‍රධාන වගකීම් පැවරෙන්නේ, පාර්ලිමේන්තු මහ ලේකම්වරිය වෙතයි.

RECENT ARTICLES - SINHALA

මහින්දානන්ද දේශපාලනයෙන් සමු අරන්

හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව අද (16) නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් පැවසුවා. ඔහු එහිදී සදහන් කළේ,...

ගම්පහ මනාප ප්‍රමාදය ගැන චෝදනා

දිවුලපිටිය මැතිවරණ කොට්ඨාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක ප්‍රථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහිදී කිසිදු අක්‍රමිකතාවයක් සිදුනොවූ...

ආපහු පාර්ලිමේන්තු එන නාමල්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා නාමල් රාජපක්ෂ මහතාව නම් කිරීමට තීරණය කර තිබෙනවා. එම පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් මහතා මේ...

POPULAR ARTICLES