ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට විරෝධය පලකරමින් කොළඹ ගාලු මුවදොර ඉදිකර ඇත ‘ගෝඨාගෝ ‘ ගම්මානයේ වැසිකිලි පද්ධතියක් ඉදිකර තිබෙනවා.
එය ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති මහින්ද පතිරණ මහතාට උපහාර පිණිස නම් කර තිබෙනවා.
ඒ අනුව විරෝධතාකරුවන්ගේ පහසුව පිණිස ඉදිකිර ඇති මෙම වැසිකිළි පද්ධතිය නම් කර ඇත්තේ ‘මහින්ද පතිරණ ජාත්‍යන්තර වැසිකිළි සංකීර්ණය’ ලෙසයි.
කෙසේ වෙතත් මීට ප්‍රතිචාර දක්වමින් මහින්ද පතිරණ මහතා පවසන්නේ මෙම ක්‍රියාව තමන්ට සිදුකළ උපහාරයක් බවයි.
කලක පටන් තමන් ප්‍රතිවාදීන්ගේ අපවිත්‍ර දෑ දරා ගනිමින් ඒවායේ නොගෑවෙමින්, නොගැටෙමින් සිටින්නෙකු බව ඔහු පෙන්වා දෙනවා.