25 C
Colombo
Monday, December 16, 2024

සිවිල් සේවකයින්ට ඉන්දියාවේ පුහුණුවක්

- Advertisement -

ඉදිරි වසර පහ තුළ ශ්‍රී ලංකාවේ සිවිල් සේවකයින් 1500කට ආසනන් ප්‍රමාණයකට ඉන්දියාවේ පුහුණුව ලබා දීමට ඉන්දියාවේදී පුහුණුව ලබාදීමට ද ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එකඟතාව පළ කර තිබෙනවා.

ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර සාකච්ඡාව අග්‍රාමාත්‍ය නිල නිවස වන හයිද්‍රාබාද් මැදුරේදී අද (16) පස්වරුවේ පැවැත්විණි.

ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ එහිදී ද්විත්ව බදුකරණය වැළැක්වීම සහ රාජ්‍ය නිලධාරීන්ගේ ශක්‍යතා වර්ධනය පිළිබඳ අවබෝධතා ගිවිසුම් හුවමාරු කර ගත් බවයි.

ඉන්දීය විදේශ ප්‍රතිපත්තිය තුළ ශ්‍රී ලංකාවට විශේෂ ස්ථානයක් හිමිව ඇති බව තමන් හොඳින් දන්නා බව අනුර කුමාර දිසානායක මහතා ඒකාබද්ධ මාධ්‍ය හමුවේදී සිහිපත් කළා.

නරේන්ද්‍ර මෝදි මහතා මෙහිදී පවසා ඇත්තේ අනුර කුමාර දිසානායක මහතා පළමු විදෙස් සංචාරය සඳහා ඉන්දියාව තෝරා ගැනීම පිළිබඳ තමා සතුටු වන බවයි.

අනාගතවාදී දැක්මකින් දෙරට අතර සබඳතාවයට නව මුහුණුවරක් දෙමින් භෞතික, ඩිජිටල් සහ බලශක්ති යන කුළුණු තුන ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාවට තාක්ෂණික සහාය දැක්වීමට ද දෙරට අතර විදුලිබල ජාල සම්බන්ධතාවය සහ බහු නිෂ්පාදන ඛනිජ තෙල් නල මාර්ගය ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් ද මෙම සාකච්ඡාවේ අවධානය යොමුව තිබෙනවා.

ඉන්දීය සංවර්ධන සහයෝගීතාව ඉදිරියට ගෙන යමින් අනුරාධපුර දුම්රිය මාර්ගයේ සංඥා පද්ධතිය සහ කන්කසන්තුරේ වරාය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ආධාර ලබාදීම පිළිබඳවද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බව සඳහන්.

ඉන්දීය අධ්‍යාපන සහයෝගිතාව යටතේ ලබන වසරේ සිට යාපනයේ සහ නැගෙනහිර පළාතේ විශ්වවිද්‍යාලවල සිසුන් 200කට මාසික ශිෂ්‍යත්ව පිරිනැමීමට නියමිතයි.

ඉදිරි වසර පහ තුළ ශ්‍රී ලංකාවේ සිවිල් සේවකයන් 1500ක් ඉන්දියාවේදී පුහුණුව ලබාදීමට ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කැමැත්ත පළ කර තිබෙනවා.

එසේම නිවාස, පුනර්ජනනීය බලශක්තිය සහ යටිතල පහසුකම් සමඟ, ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය, කිරි කර්මාන්තය සහ ධීවර කර්මාන්තය දියුණු කිරීම සඳහා ඉන්දියාව සහයෝගීතාවයෙන් කටයුතු කරන බවත් සඳහන් වනවා.

ඉන්දියාවේ ආරක්ෂාවට සහ කලාපයේ ස්ථාවරත්වයට හානි වන අයුරින් ශ්‍රී ලංකා භූමිය යොදා ගැනීමට කිසි විටෙකත් ඉඩ ලබා නොදෙන බව අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කර තිබෙනවා.

ආරක්ෂක සහයෝගිතාව (Colombo Security Conclave) යටතේ සමුද්‍ර ආරක්‍ෂාව, ත්‍රස්තවාදය පිටුදැකීම, සයිබර් ආරක්‍ෂාව, ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධවලට එරෙහිව සටන් කිරීම, මානුෂීය ආධාර සහ ආපදා සහන වැනි විෂයයන් සම්බන්ධයෙන් සහයෝගීතාව වැඩි දියුණු කිරීමට මෙම සාකච්ඡාවේදී අවධානය යොමුවු බව සඳහන්.

RECENT ARTICLES - SINHALA

සංජීව මහානාමගේ දේපල පැවරීමේ තහනම දීර්ඝ කෙරේ

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාගේ වාහනයට වෙඩි තැබීමේ සිද්ධය මෙහෙයවූ බවට සැක කරන වැඩ තහනමට ලක් කර සිටින අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරී...

ආශු 225 දෙනාගේම අධ්‍යාපන සුදුසුකම් ඉල්ලයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් 225 දෙනාගේම අධ්‍යාපන සුදුසුකම් මෙන්ම රැකියාව සහ වත්කම් බැරකම් ප්‍රකාශ ඉල්ලමින් තොරතුරු...

මියන්මාර සයිබර් අපරාධ කඳවුරුවල සිටි ලාංකිකයින් පිරිසක් දිවයිනට

මියන්මාර මිනිස් ජාවාරම්කරුවන්ගේ ග්‍රහණයේ සිටි කාන්තාවන් 08ක් ඇතුළු 27 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් අද (16) දිවයිනට පැමිණ තිබෙනවා. අද පස්වරුවේ බැංකොක් සිට කටුනායකට පැමිණි ශ්‍රීලංකන් ගුවන්...

POPULAR ARTICLES

සැලුන් එකකින් කොන්ඩෙට සාත්තුවක් ගත් කතට වුණ දේ

වැලිකඩ ප්‍රදේශයේ රූපලාවණ්‍ය ආයතනයකින් සේවාව ලබාගත් කාන්තාවකගේ හිසට ගල්වන ලද ප්‍රතිකාර වලින් අනතුරුව ඇගේ හිස කෙස් ගැලවී හිසට තුවාල සිදුව ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන්...

ආශු 225 දෙනාගේම අධ්‍යාපන සුදුසුකම් ඉල්ලයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් 225 දෙනාගේම අධ්‍යාපන සුදුසුකම් මෙන්ම රැකියාව සහ වත්කම් බැරකම් ප්‍රකාශ ඉල්ලමින් තොරතුරු...

සංජීව මහානාමගේ දේපල පැවරීමේ තහනම දීර්ඝ කෙරේ

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාගේ වාහනයට වෙඩි තැබීමේ සිද්ධය මෙහෙයවූ බවට සැක කරන වැඩ තහනමට ලක් කර සිටින අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරී...