31 C
Colombo
Thursday, December 26, 2024

පොලිස්පති ධූරයට තරඟ කළ අයෙක්ට ස්ථාන මාරුවක්

- Advertisement -

වයඹ පළාත භාර ජ්‍යේෂඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා හට වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයට ස්ථාන මාරුවීමක් ලබාදී තිබෙනවා.

ඒ පසුගිය 22 වැනිදා නවගත්තේගම පොලිස් ස්ථානයේ කොස්තාපල්වරයෙකු හට ආනමඩුව – ආලම්කුලම ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් පිරිසක් පහරදීමේ සිද්ධිය සමතයකට පත් නොකිරීමට අදාළව බවයි වාර්තා වන්නේ.

ඔහුට අමතරව පුත්තලම නියෝජ්‍ය පොලිස්පතිවරයා, පුත්තලම ජ්‍යේෂඨ පොලිස් අධිකාරිවරයා සහ ආනමඩුව පොලිස් අධිකාරිවරයා මෙන්ම ආනමඩුව පොලිස් ස්ථානාධිපතිවරයාට, පොලිස්පතිවරයා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු වීම් ලබාදී තිබෙනවා.

ඊයේ (28) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයට මෙම මාරුවීම් ලබාදී ඇති අතර, ඒ සඳහා පොලිස් කොමිසමේ ද අනුමැතිය හිමිවී ඇති බවද වාර්තා වනවා.

ලලිත් පතිනායක යනු මීළඟ පොලිස්පති ධූරය සඳහා සිටින ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් තිදෙනාගෙන් එක් අයෙකු වනවා.

ඒ අනුව ජ්‍යෙෂ්ඨත්වය මත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන, අනතුරුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක තෙවනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ලැයිස්තුවේ සිටිනවා.

RECENT ARTICLES - SINHALA

ජනාධිපති හම්බවෙන්න කලබල කළ අයෙක් අත්අඩංගුවට

පිළියන්දල - ජාලියගොඩ ප්‍රදේශයේ වෙළඳසැලක් ඉදිරිපිට නවතා තිබූ ලොරි රථයකට කඩුවක් අතැතිව නැග ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවීමට අවශ්‍ය බව පවසමින් කලහකාරීව හැසුරුණු...

අමුල් – මිල්කෝ ගනුදෙනුව ගැන රජයෙන් තීරණයක්?

ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදන ක්ෂේත්‍රය සංවර්ධනය සඳහා ඉන්දියාවේ අමුල් සමාගම සමඟ අත්වැල් බැඳ ගනිමින් පසුගිය රජය විසින් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබූ සැලසුම් නව...

කිඹුල් ප්‍රහාරයකින් කාන්තාවක් මරුට

කළු ගඟට වළං සේදීමට ගිය කාන්තාවක කිඹුලෙකු විසින් ඩැහැගෙන ගොස් ඇති බව කළුතර දකුණ පොලීසිය පවසනවා. මෙලෙස මෙම සිද්ධියට මුහුණ දී ඇත්තේ, ඇත්තේ දොඩංගොඩ...

POPULAR ARTICLES