30 C
Colombo
Monday, January 27, 2025

ඊ ටිකට් මාෆියාවට ත්‍රීරෝද රථ රියදුරෙක් අත්අඩංගුවට

- Advertisement -

මහනුවර සිට ඇල්ල දක්වා දිවෙන ඔඩිසි දුම්රියේ රුපියල් 4000ක් වටිනා දුම්රිය ඊ ටිකට්පත් දෙකක් බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවන් දෙදෙනෙකුට රුපියල් 28,000කට අලෙවි කළ බව කියන ත්‍රීරෝද රථ රියදුරෙකු මහනුවර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රාජ්‍ය බුද්ධි තොරතුරු ඒකකයට ලද තොරතුරකට අනුව මහනුවර කොට්ඨාස භාර ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ මෙහෙයවීමෙන් අද (26) පෙරවරුවේ ඇල්ල ඔඩිසි දුම්රියට ඇතුළු වූ විශේෂ පොලිස් කණ්ඩායමක් අදාළ බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවන් දෙදෙනාගෙන් ප්‍රකාශ ලබාගෙන ඇති අතර, එම කාන්තාවන් දෙදෙනා එහිදී ප්‍රකාශ කොට ඇත්තේ මෙම දුම්රිය ඊ ටිකට් පත් දෙක අතරමැදියකු මාර්ගයෙන් රුපියල් 28,000ක මුදලකට ලබාගත් බවයි.

පොලිසිය විසින් සිදු කරන ලද වැඩිදුර විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ, සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ රියදුරෙකු විසින් මෙම ඊ ටිකට්පත් දෙක බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවන් දෙදෙනාට අලෙවි කිරීම සඳහා ත්‍රීරෝද රථ රියදුරුට ලබා දී ඇති බවයි.

ඒ ආකාරයට අලෙවි කරන එක් දුම්රිය ටිකට් පතකින් රුපියල් 5000ක මුදලක් ත්‍රිරෝද රථ රියදුරුට ලැබෙන බවටද ත්‍රිරෝද රථ රියදුරු පොලිසියට ප්‍රකාශ ලබා දී තිබෙනවා.

ඔහු කලක් තිස්සේ මෙම ජාවාරම සිදු කරගෙන ගොස් ඇති බවටද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් වූ වැඩිදුර විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදීමට නියමිතයි.

RECENT ARTICLES - SINHALA

ඊ ටිකට් මාෆියාවට අත්අඩංගුවට ගත් පුද්ගලයෙක්ට ඇප

දුම්රිය දෙපාර්තමේන්තුව මගින් අන්තර්ජාලය ඔස්සේ නිකුත් කරනු ලබන ඊ ටිකට් නීති විරෝධී ලෙස මිලදී ගැනීම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ සංචාරක මඟ පෙන්වන්නෙකු කොළඹ...

මහින්දගේ දේහය සංරක්ෂණය කරන්න – හිටපු නියෝජ්‍ය කතානයක

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් රටට සිදු වූ කාර්යය නොසලකා හරිමින් ඔහුගේ ආරක්ෂාව පවා ඉවත් කර ඔහුව සාමාන්‍ය පුරවැසියෙක් බවට පත් කර ඇති බව...

නිදහස් දින පෙරහුරුවට විශේෂ රථවාහන සැලැස්මක්

77 වැනි ජාතික නිදහස් දින සමරු උත්සවය හේතුවෙන් පැවැත්වෙන පෙරහුරු රාජකාරී සම්බන්ධව කොළඹ රථවාහන කොට්ඨාසය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන් ව ඇත්තේ...

POPULAR ARTICLES