30 C
Colombo
Sunday, July 7, 2024

කෝටි ගාණක මුදල් වංචා කළැයි උපකාරක පන්ති ගුරුවරයෙක් අත්අඩංගුවට

- Advertisement -

ව්‍යාපාරිකයෙකුට එක්කෝටි පනස් ලක්ෂයක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් රසායන විද්‍යා උපකාරක පන්ති ගුරුවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගම්පහ ප්‍රදේශයේ උපකාරක පන්ති ගුරුවරයෙක් බවයි වාර්තා වන්නේ.

අදාළ ව්‍යාපාරිකයා විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව මෙම ගුරුවරයා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.

පොලිසිය සඳහන් කර ඇත්තේ, සැකකාර ගුරුවරයා ව්‍යාපාරිකයාගේ සමීපතම මිතුරෙකු වන බවයි.

මෙම ව්‍යාපාරිකයා හෝටල් හිමිකරුවෙකු වන අතර ඔහුගේ හෝටලයෙන් ඉවත් කරන ලද එක්කෝටි පනස් ලක්ෂයක් වටිනා ගෘහ භාණ්ඩ තොගයක් අදාළ උපකාරක පන්ති ගුරුවරයාට විකුණා තිබෙනවා.

ගුරුවරයා විසින් ඒ සඳහා චෙක්පත් ලබා දී ඇති අතර දිගින් දිගටම ඒවා අගරු වීම නිසා ව්‍යාපාරිකයා විසින් පොලිසියට පැමිණිලි කර ඇති බවද වාර්තා වනවා.

ඒ අනුව, මොහුව අත්අඩංගුවට ගෙන ඇති අතර ගම්පහ විශේෂ අපරාධ විමර්ශන අංශය විසින් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

RECENT ARTICLES - SINHALA

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ගැන හෙළිදරව්වක්

ජූලි 17 වනදායින් පසු ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එහි සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා...

ජන අරගල සන්ධානයේ පත්‍රිකා බෙදාහැරීමට පොලිසියෙන් බාධා

'ජන අරගල සන්ධානය - ජනතාව අතරට' යන තේමාව යටතේ ඊයේ (06) මහනුවරින් ආරම්භ වූ පත්‍රිකා බෙදාහැරීමේ වැඩසටහනේ දෙවැනි දිනය අද (ජුලි 7) මොරටුව නගරයෙන්...

අල්ටෙයාර් සිද්ධියට අදාළ විමර්ශනවලට තානාපති බලතල හරස් වෙයිද?

කොම්පඤ්ඤවීදියේ පිහිටි අල්ටෙයාර් සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයේ 67 වැනි මහලෙන් ඇද වැටී වයස අවුරුදු 15ක ගැහැනු ළමයෙකු සහ පිරිමි ළමයෙකු ජීවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන් තවමත්...

POPULAR ARTICLES

අපිට හැමෝම හොරා හොරා කියලා බනිනවා – නාමල්

තාක්ෂණය සමඟ බද්ධ වුණු රාජ්‍ය යාන්ත්‍රණයක් සහ රාජ්‍ය පාලනයක් නිර්මාණය කිරීම තුළින් වංචාව හා දූෂණය අවම කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව පොහොට්ටුවේ...

අද රාත්‍රියේ සිට පැය 18ක ජල කප්පාදුවක්

අද (04) රාත්‍රී 9 සිට පැය 18ක ජල කප්පාදුවක් සිදුකෙරෙන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. එම මණ්ඩලය පවසන්නේ කොළොන්නාව නගර සභා බල සීමාව,...

ලෝකෙන්ම එක වුණ ඉන්දියාව සිම්බාබ්වේට පැරදිලා

2024 T20 ලෝක ශූර ඉන්දියානු කණ්ඩායම සහ සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවති පළමු T20 තරගයේ ජය වාර්තා කිරීමට සිම්බාබ්වේ කණ්ඩායම අද (06) සමත් වුණා. ඒ...