ශ්රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නිවේදිකායක් ලෙස සේවය කළ පාරමී නිලේප්තා රණසිංහ මහත්මියගේ සේවය වහාම ක්රියාත්මක වන පරිදි අත්හිටුවා තිබෙනවා.
ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාව විවේචනය කරමින් සිය ෆේස්බුක් ගිණුමේ තැබූ සටහනක් හේතුවෙන්.
පාරමී රණසිංහ මහත්මිය පවසන්නේ මෙම සටහන හේතුකරගෙන තමන්ට රූපවාහිනී භූමියට ඇතුළුවීමද තහනම් කර ඇති බවයි.
රිවිදින අරුණැල්ල, නුග සෙවන, සුසර දැහැන, චක්රාවාටය, Hard Talk, ගුරුතලාව වැනි වැඩසටහන් තුළින් ප්රේක්ෂකයන්ගේ ආදරය දිනාගත් ඇය හඩකැවීම් ශිල්පිනියක් ලෙසින්ද බොහෝ දෙනෙකු හදුනනවා.
පාරමී මහත්මියව සේවයෙන් ඉවත්කිරීමට හේතුවූ ෆේස්බුක් සටහන පහතින්,