අධික වැසි පවතින කාළවලදි වෙන්නප්පුව ප්රාදේශිය ලේකම් කොට්ඨාසයේ කොළින්ජාඩිය රන්දියගම ජනපදයට එක්රැස් වන වැසි ජලය මාස තුනක් තිස්සේ බැස නොයාම හේතුවෙන් පවුල් 60 ක පමණ ජනතාවක් දැඩි පිඩාවට පත්වි සිටිනවා.
වැසි කාළවලදි ජනපදය පුරා වැසි ජලය පිරිමෙන් අඩි පහක පමණ මට්ටමකට ජලය පිරිමෙන් මේවන විට නිවාස 60 ක් පමණ ජලයෙන් යටවි තිබෙන බවයි පැවසෙන්නේ.
ජනපදයට පිවිසෙන මාර්ගද වැසි ජලයෙන් යටවිම නිසා පදිංචිකරුවන් සිය දෛනික කටයුතු සදහා තෙප්පමක් භාවිතා කරමින් ගමනා ගමන කටයුතු සිදුකරන බව ගම්වාසින් සඳහන් කරනවා.
මෙම ජලය නිවාස තුළට ද ගලා යාමෙන් ගෘහ භාණ්ඩ ඇතුලු වටිනා උපකරණවලටද හානි වි ඇති බව ගම්වාසින් පවසනවා.