යෝෂිත රාජපක්ෂ සමඟ පැමිණි පිරිසක් කළ පහරදීමකින් යුනියන් පෙදෙස පාක් වීදියේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවක ආරක්ෂකයෙකු තුවාල ලබා තිබෙනවා.
ඊයේ (22) අළුයම යෝෂිත රාජපක්ෂ හා ඔහුගේ බිරිඳ ඇතුළු මෙම පිරිස සමාජ ශාලා පරිශ්‍රයට ඇතුළු වීමේදී, හඳුනා ගැනීමේ අත්පළඳනා පැළඳගන්නා ලෙස සමාජ ශාලා ආරක්ෂකයින් පවසා තිබෙනවා.
මෙහිදී ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් පහරදීම සිදුවූ බව පොලීසියට ලැබුණු පැමිණිල්ලේ සඳහන් වෙනවා.
තුවාල ලැබූ ආරක්ෂක නිලධාරියා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන අතර, සිද්ධිය සම්බන්ධයෙන් කොම්පඤ්ඤ වීදිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.