27.7 C
Colombo
Thursday, December 12, 2024

කථානායකට එරෙහිව විශ්වාසභංගයක් ?

- Advertisement -

කථානායකවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට බලාපොරොත්තු වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි අජිත් පී . පෙරේරා මහතා පවසනවා.

ඔහු පෙන්වාදෙන්නේ, කථානායකවරයාගේ ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය හෝ කථානායකවරයා විසින් පැහැදිලි කිරිමක් සිදුකළ යුතු බවයි.

එසේ නොකළහොත් විපක්ෂයේ මන්ත්‍රීවරුන් රැස්වී සාකච්ඡා කර කථානායකවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බව අජිත් පී පෙරේරා මහතා පවසා සිටිනවා.

“එතුමාට ඇත්තටම පිළිගත හැකි ආචාර්ය උපාධියක් තියෙනවා නම් මේ කතාව කිසිම තේරුමක් නෑ. හැබැයි ඒකට ප්‍රතිචාර දක්වන්න යන ප්‍රමාදයත් රජය වෙනුවෙන් කතා කරපු මාධ්‍ය ප්‍රකාශයක ඒවට පිළිතුරු දීම මඟහැරීමත් පාර්ලිමේන්තු වෙබ් අඩවියෙන් ආචාර්ය උපාධිය පිළිබඳ කාරණය ඉවත් වීමත් එක්ක අපිට පේනවා මේකේ විශාල ගැටලුවක් තියෙනවා. ඉදිරි සති දෙක තුළ එතුමාගේ ආචාර්ය උපාධිය රටට ඉදිරිපත් කළ යුතුයි. එහෙම නැත්නම් විශ්වාසභංග යෝජනාවක් ගේන්න බලාපොරොත්තු වෙනවා. අපි තාම තීරණය කරලා නෑ. අපි සාකච්ඡා කිරීමට නියමිතයි. විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම සමග සාකච්ඡා කරනවා. එහෙම වුණොත් NPP මන්ත්‍රීවරුත් හෘදසාක්ෂියට එකඟව පාර්ලිමේන්තුවේදී ඡන්දය දෙයි කියලා.”

RECENT ARTICLES - SINHALA

වන අලි පහර දීමකින් පුද්ගලයෙක් මරුට

ඉපලෝගම පොලිස් වසමේ, මහඉලුප්පලම උදේනිපුර ගම්මානයේදී ඊයේ (11) රාත්‍රියේ වන අලියකු සිදු කළ පහරදීමකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මහඉලුපල්ලම උදේනිපුර පදිංචි එක්දරු...

වගා හානිවලට ලක්ෂයක වන්දි දෙන්න තීරණයක්

ආපදාවලට ලක්වූ ගොවීන්ට සිදු වූ වගා හානිය වෙනුවෙන් හෙක්ටයාරයක් සඳහා රුපියල් ලක්ෂයක පූර්ණ වන්දි මුදලක් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බව කෘෂිකර්ම සහ පශු සම්පත්...

ඉන්දීය මහ කොමසාරිස් සහ බලශක්ති ඇමති අතර හමුවක්

ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා සහ බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා අතර පසුගියදා (10) බලශක්ති අමාත්‍යංශයේදී හමුවක් සිදුව තිබෙනවා. රජයේ බලශක්ති...

POPULAR ARTICLES

වන අලි පහර දීමකින් පුද්ගලයෙක් මරුට

ඉපලෝගම පොලිස් වසමේ, මහඉලුප්පලම උදේනිපුර ගම්මානයේදී ඊයේ (11) රාත්‍රියේ වන අලියකු සිදු කළ පහරදීමකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මහඉලුපල්ලම උදේනිපුර පදිංචි එක්දරු...

වගා හානිවලට ලක්ෂයක වන්දි දෙන්න තීරණයක්

ආපදාවලට ලක්වූ ගොවීන්ට සිදු වූ වගා හානිය වෙනුවෙන් හෙක්ටයාරයක් සඳහා රුපියල් ලක්ෂයක පූර්ණ වන්දි මුදලක් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බව කෘෂිකර්ම සහ පශු සම්පත්...

ලංකා T10 සුපර් ලීගයේ තරඟ පාවාදීමක්?

මහනුවර, පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (11) ආරම්භ වූ ‘ලංකා ටී10 සුපර් ලීග්’ ක්‍රිකට් තරගාවලියට සහභාගි වී සිටින බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෙක්ට තරග මුදලට...