28 C
Colombo
Thursday, November 7, 2024

ෆේස්බුක් එකේ විකුණන බාල ක්‍රීම් ගැන අනතුරු ඇඟවීමක්

- Advertisement -

සමාජ මාධ්‍යයෙන් ප්‍රචාරය කරන සමේ ගල්වන ආලේපන වර්ගවලට නොරැවටෙන ලෙසත්, සමේ ආලේපන භාවිත කිරීමේදී වෛද්‍ය උපදෙස් අනුගමනය කරන ලෙසත් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ චර්ම රෝග විශේෂඥ වෛද්‍ය ශ්‍රියානි සමරවීර මහත්මිය මහජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඊයේ (06) කොළඹ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී ඇය මේ බව කියා සිටියා.

සමාජ මාධ්‍යයේ සංසරණය වන බොහෝ ආලේපන වර්ග සමේ ගැල්වීමෙන් විවිධ අසාත්මිකතාවලට ගොදුරුවූ පුද්ගලයන්ගේ වැඩිවීමක් දක්නට ඇති බවයි පවසන්නේ.

ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රියානි සමරවීර මහත්මිය:

“විවධ චර්ම රෝග සඳහා නිසි වෛද්‍ය උපදේශයකින් තොරව විවිධ ඖෂධීය ආලේපන සහ අනුමැතියෙන් තොර දේශීය හා බටහිර ඖෂධ ආලේපන භාවිතයට බොහෝ අය පුරුදු වී සිටිනවා. සමේ දිලීර ආසාදන, කුරුලෑ සහ සමේ ඇතිවන කළු පැහැ වර්ණය සඳහා වෛද්‍ය උපදෙස්වලින් තොරව ආලේපන භාවිත කිරීම නිසා සමේ ආසාදනවලට ඇතිවන බලපෑම වැඩියි.

මෙහිදී කතා කළ බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනයේ දිලීරවේදී දෙපාර්තමේන්තුවේ අංශ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය ප්‍රිමාලි ජයසේකර මහත්මියද අදහස් පළ කළා.

“නියපොතුවල, හිස්කබලේ සහ කෙස්වල දිලීර හැදෙන්න පුළුවන්. සමේ අළුහම් හැදෙනවා. ඇඟිලි කරු අතරේ සුදුවෙලා කසනවා. මේවා සම ආශ්‍රිතව හැදෙන දිලීර රෝග. මේවාට සුදුසුකම් ලත් වෛද්‍යවරයකුගෙන් උපදෙස් ලබාගෙන ඖෂධ ලබාගන්න. නියමිත ඖෂධය නිවැරදිව නොගත්තොත් ඒ දිලීරය ප්‍රතිවිරෝධී දක්වනවා.

“ෆාමසිවල ඉන්න ෆාමසිස්ට්ලාට රෝගියකු ඉල්ලන ඖෂධය දෙන්න බැහැ. වෛද්‍යවරයකු ලියා එවන තුණ්ඩුවට තමයි ඖෂධය දෙන්න පුළුවන්. සමහරු තමන්ගේ සමේ ඇති කැළලට බෙහෙතක් දෙන්න කිව්වම ෆාමසිස්ට් අදාළ ආලේපනය දෙනවා. මේක ඉතාම අවදානම්.

වෙළෙඳපොළේ තියෙන එක එක ක්‍රීම් වර්ග අරන් මුහුණේ, සමේ ගාන්න එපා. වෙළෙඳපොළ තුළ සම සුදුවෙන්න ගාන ක්‍රීම් කියලා ඉතා අඩුවට අලෙවි කරනවා නම් ඒවා ගාන්න එපා. ඒවා ප්‍රතික්ෂේප කරන්න. ඒ ගැන ජනතාව දැනුවත් කරන්න. මේ බාල ක්‍රීම් ගාලා තමන්ගේ මුහුණ, ශරීරය කැත කරගන්න එපා. ඒවායින් සමට වෙන හානිය ගැන වැඩියෙන් දැනුවත් කරන්න. මාධ්‍යයට පුළුවන් මේ ෆේස්බුක් හරහා බාල ක්‍රීම්වර්ගවලට අදාළ දැන්වීම් ප්‍රචාරය කරන එක කඩාගෙන යන්න.”

RECENT ARTICLES - SINHALA

කොළඹ අඳුරු වෙලා

කොළඹ ඇතුලූ‍ දිවයිනේ නගර බොහෝමයක වායු ගුණ තත්ත්ව දර්ශකය සුලු වශයෙන් අහිතකර මට්ටම වෙත ලගා වී තිබෙනවා. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප්‍රකාශ කළේ ඒ හේතුවෙන්...

රත්වත්තේ භාවිත කළ මෝටර් රථයේ අංක තහඩුව ගැන අධිකරණයේදී එළියට ආ කථාව

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ විසින් ඔහුගේ පළමු බිරිඳට අයත් වාහනයක අංක තහඩුව සහ චැසි අංකය භාවිත කරමින් අවස්ථා ගණනාවකදී ප්‍රශ්නගත මෝටර් රථය භාවිත...

වෙන්නප්පුවේ වෙඩි තැබීමකින් දෙදෙනෙකු රෝහලේ

වෙන්නප්පුව, කිඹුල්ගාන ප්‍රදේශයේ දී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. අදාල වෙඩි තැබීමෙන් තුවාල ලැබූ දෙදෙනෙකු රෝහල්ගත කළ බව පොලිසිය පවසනවා. මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ 65 හැවිරිදි...

POPULAR ARTICLES