27.6 C
Colombo
Thursday, April 24, 2025

න්‍යෂ්ටික යුද්ධයක් ගැන පුටින්ගෙන් අනතුරු ඇඟවීමක්

- Advertisement -

රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් ඇමරිකා එක්සත් ජනපදයට සහ යුරෝපා රටවලට එරෙහිව තර්ජනාත්මක අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

වාර්ෂික වශයෙන් රුසියානු ජනතාව අමතමින් සිදු කරන ලද කතාවක් අතරතුර රුසියානු ජනපති පුටින් විසින් මෙම අනතුරු ඇඟවීම නිකුත් කර තිබුණා.

ව්ලැඩ්මීර් පුටින් මෙහිදී අවධාරණය කර ඇත්තේ නේටෝ රටවල් සිය හමුදා යුක්‍රේනය වෙත යැවීමට කටයුතු කළහොත් එය න්‍යෂ්ටික යුද්ධයක් ඇති කිරීමේ අවදානමක් මතු කරනු බවයි.

බටහිර ඉලක්ක වෙත පහර දීමට රුසියාව සතුව ආයුධ සහ ශක්තිය පවතින බවද රුසියානු ජනපති මෙහිදී පවසා තිබෙනවා.

ප්‍රංශ ජනපති එමානුවෙල් මැක්‍රොන් මෙම සතිය ආරම්භයේදී යුරෝපීය හමුදා කණ්ඩායම් යුක්‍රේනය වෙත යැවීමට අවශ්‍ය පසුබිම මේ වන විට සකසා ඇති බවට නිකුත් කළ ප්‍රකාශයට පිළිතුරක් වශයෙන් මෙම අනතුරු ඇඟවීම නිකුත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

යුක්‍රේනයට සිය හමුදාව යැවීම සඳහා පියවර ගන්නා රටවලට ඉදිරියේදී ඛේදජනක ඉරණමකට මුහුණ දීමට සිදුවනු ඇති බවද පුටින් මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

තැපැල් ඡන්දය අද

පළාත් පාලන ඡන්ද විමසීමේ තැපැල් ඡන්දය සලකුණු කිරීම අද (24) ආරම්භ වනවා. අද තැපැල් ඡන්දය සලකුණු කළ නොහැකි වන පුද්ගලයින්ට 25, 28 සහ 29 දිනවලදී...

දළදා වදින්න එන අය අඳුරගන්න ස්ටිකරයක්

'සිරි දළදා වන්දනාව' සඳහා මහනුවරට පැමිණ පෝලිමේ සිටින සැදැහැවතුන් හඳුනාගැනීම සඳහා විශේෂ ලාංඡනයක් ලබාදීමට පොලීසිය තීරණය කර තිබෙනවා. අද (23) රාත්‍රියේ සිටම මෙය ක්‍රියාත්මක කරනු...

තීරු බදු සාකච්ඡා සාර්ථකයි – අනුර

අමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට පනවා ඇති 'ඉහළ තීරුබදු' සංශෝධනය කිරීම සම්බන්ධයෙන් සිදුකළ සාකච්ඡා සාර්ථක වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් දෙපාර්ශවයම ඒකාබද්ධ ප්‍රකාශයක් සිදුකිරීමට...

POPULAR ARTICLES

තැපැල් ඡන්දය අද

පළාත් පාලන ඡන්ද විමසීමේ තැපැල් ඡන්දය සලකුණු කිරීම අද (24) ආරම්භ වනවා. අද තැපැල් ඡන්දය සලකුණු කළ නොහැකි වන පුද්ගලයින්ට 25, 28 සහ 29 දිනවලදී...

ඉන්දියාවේ සිටින පාකිස්තාන ජාතිකයින්ට පැය 48ක්

සාර්ක් වීසා නිදහස් කිරීමේ යෝජනා ක්‍රමය (SVES) යටතේ ඉන්දියාවේ සිටින පාකිස්තාන ජාතිකයින්ට ඉන්දියාවෙන් පිටවීමට පැය 48 ක කාලයක් ලබා දී තිබෙනවා. ඒ කාශ්මීරයේ ඊයේ(23) සිදු...

දළදා වන්දනා විශේෂ කෝච්චිය නවත්තලා

සිරි දළදා වන්දනාව’ වෙනුවෙන් කොළඹ කොටුවේ සිට මහනුවර දක්වා ක්‍රියාත්මක කර තිබූ විශේෂ දුම්රිය අද (24) සිට නැවත දැනුම්දෙන තුරු ක්‍රියාත්මක නොකිරීමට තීරණය කර...