26 C
Colombo
Sunday, January 19, 2025

මුන්දෙනි ආරු ද්‍රෝණිය ආශ්‍රිතව ගංවතුර තත්ත්වයක් ගැන අනතුරු ඇඟවීමක්

- Advertisement -

අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් සඳහා සුළු ගංවතුර තත්ත්වයක් සම්බන්ධව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කයන් හී ඇතැම් ප්‍රදේශවලට ඊයේ (18) රාත්‍රියේ සිට ලැබෙන වර්ෂාපතනය හේතුවෙන් මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, මුන්දෙනි ආරු ද්‍රෝණියේ අම්පාර දිස්ත්‍රික්කයේ මහ ඔය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට සහ මඩකලපුව දිස්ත්‍රික්කයේ එරාවුර්පත්තු හා කොරලෙයිපත්තු යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් මුන්දෙනි ආශ්‍රිත පහත් බිම් සඳහා ඉදිරි පැය 24 දක්වා කාලය තුළ සුළු ගංවතුර තත්ත්යක් පැවතීමේ අවධානමක් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

එබැවින් එම ප්‍රදේශවල පදිංචි මහජනතාව ඒ සම්බන්ධව දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසත් ඇතිවිය හැකි ගංවතුර තත්ත්වයෙන් ආරක්ෂා වීමට අවශ්‍ය කටයුතු සිදුකරන ලෙසත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.

RECENT ARTICLES - SINHALA

නිවෙස් කොල්ලකෑ කාන්තාවක් ඇතුළු 5ක් අත්අඩංගුවට

පොලිස් වසම් ගණනාවක සැරිසරමින් නිවාසවලට කඩා වැදි සෙල්ලම් පිස්තෝලයක් පෙන්වා තර්ජනය කර නිවැසියන් බියගන්වා රන් ආභරණ හා දේපල කොල්ලකා පලායන සංවිධානත්මක කල්ලියක් මෙහෙයවු කාන්තාවක්...

බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී බිහිසුණු අනතුරක්

මාතර - තංගල්ල ප්‍රධාන මාර්ගයේ ගන්දර තලල්ල ප්‍රදේශයේදී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබෙනවා. ඇඹිලිපිටිය  සිට මාතර දක්වා සහ මාතර සිට...

දුම්රිය ගමන්වාර 28ක් අවලංගුයි

දුම්රිය රියදුරු සේවා වාරවලට වාර්ථා නොකිරීම හේතුවෙන් අද (19) දුම්රිය ගමන් වාර 28 ක් අවලංගු කර තිබෙනවා. ඒ අනුව, ප්‍රධාන මාර්ගයේ 16 ක්ද, මුහුදුබඩ...

POPULAR ARTICLES