25.9 C
Colombo
Tuesday, November 26, 2024

දැදුරු ඔය නිම්නයේ පහත්බිම්වල ජනතාවට අනතුරු ඇඟවීමක්

- Advertisement -

ඉදිරි පැය කිහිපයක කාලය තුළ වාරියපොළ, නිකවැරටිය, මහව, කොබෙයිගනේ, බිංගිරිය, පල්ලම, හලාවත, ආරච්චිකට්ටුව සහ රස්නායකපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අයත් දැදුරු ඔය නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට අනතුරු අඟවා තිබෙනවා.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගීන් දැදුරු ඔය ද්‍රෝණිය තුළ නඩත්තු කරනු ලබන ගංඟා ජල මාපකවල ජල මට්ටම් විශ්ලේෂණය අනුව මෙම අනතුරු ඇඟවීම නිකුත්කර තිබෙනවා.

දැදුරු ඔය ද්‍රෝණියේ ඉහළ සහ මධ්‍යම ධාරා ප්‍රදේශවල ඇතැම් ප්‍රදේශවලට මේ වන විට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති අතර ඒ අනුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නඩත්තු කරනු ලබන දැදුරු ඔය ජලාශයෙන් තත්ත්පරයට ඝන අඩි 18,000 කට ආසන්න ජල ප්‍රමාණයක් මුදාහරිමින් පවතිනවා. 

මේ වන විට ජලාශයට ලැබෙන ජල ධාරිතාව අනූව මෙම ප්‍රමාණය අද (26) රාත්‍රියේදී තවදුරටත් වැඩිකිරීමට සිදුවිය හැකි බව සඳහන් වනවා.

මේ තත්ත්වය සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලකින් කටයුතු කරන ලෙස එම ප්‍රදේශවල පදිංචි මහජනතාවගෙන් සහ ප්‍රදේශ හරහා ගමන් ගන්නා වාහන පදවන්නන්ගෙන් ඉල්ලා සිටිනවා.

එමෙන්ම වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ආපදා කළමනාකරණ අංශවලින් ඉල්ලා ඇත්තේ මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙසටයි.

RECENT ARTICLES - SINHALA

ඩලස්ගෙන් අනුරට ලියුමක්

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව නාමයෝජනා නැවත කැදවීමට පියවර ගන්නා ලෙස ඉල්ලමින් නිදහස ජනතා සභාවේ නායක හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ජනාධිපති අනුර කුමාර...

වැඩිවෙන වැස්ස ගැන කාලගුණයෙන් නිවේදනයක්

මේ දිනවල දිවයිනේ පවතින අයහපත් කාලගුණික තත්වය මත කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා. දිවයින වටා ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශ සහ ගොඩබිම...

මහ ඡන්දේ ආදායම් සහ වියදම් වාර්තා භාරනොදුන්නොත් නඩු

මහ මැතිවරණයේදී තරඟ කළ අපේක්ෂකයින් නියමිත දිනට සිය ආදායම් සහ වියදම් වාර්තා භාරදීමට කටයුතු කළයුතු බවත් එසේ නොකරන අපේක්ෂකයින්ට නඩු පැවරීමට පියවර ගන්නා බවත්...

POPULAR ARTICLES