30 C
Colombo
Saturday, December 14, 2024

වාහනයක් නීත්‍යානුකූලව ගෙන්නුවාදැයි හොයන්න ක්‍රමයක්

- Advertisement -

යම් කිසි වාහනයක් නීත්‍යානුකූලව ආනයනය කර ඇත්දැයි මාර්ගගත (ඔන්ලයින්) ක්‍රමවේදයක් ඔස්සේ දැනගැනීමේ අවස්ථාව තිබෙන බව අල්ලස් හෝ දූශණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව , තමන් සතු හෝ තමන් මිලදී ගැනීමට අපේක්ෂා කරනු ලබන වාහනය නීත්‍යානුකූලද යන්න පිළිබඳව https://services.customs.gov.lk/vehicles යන සබැඳියට පිවිසී අනාවරණය කර ගැනීමට හැකියාව පවතිනවා.

ව්‍යාජ ලෙස මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ මෝටර් රථ 6000කට ආසන්න ප්‍රමාණයක් රට පුරා සංසරණ වීමේ තත්ත්වයක් සම්බන්ධව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂන කොමිෂන් සභාව විමර්ෂනයක් ආරම්භ කර තිබුණා.

එම කොමිෂන් සභාව පවසන්නේ රජයට අයවිය යුතු රේගු බදු නොගෙවා අනීතිකව ආනයනය කළ බව කියන මෙම වාහන අතුරින් හඳුනාගත් වාහන සම්බන්ධයෙන් නීත්‍යානුකූල කටයුතු සිදුකරමින් පවතින බවයි.

මේ වන විට , එවැනි වාහන විමර්ශන සඳහා කොමිෂන් සභාව භාරයට ගෙන වැඩිදුර විමර්ෂන සිදුකර අයවිය යුතු රේගු බදු හා වෙනත් ගාස්තු අයකර ගැනීම පිණිස ශ්‍රී ලංකා රේගුව වෙත භාර දී තිබෙනවා.

කෙසේවෙතත් මෙම විමර්ශවනවලදී නිරීක්ෂණයට ලක්ව ඇත්තේ  අදාළ වාහනවල දෙවන හෝ ඊට පසු අවස්ථාවන්වල පැවරීම්ලාභීන් දැඩි අපහසුතා හා දුෂ්කරතාවන්ට පත්වන බවයි.

මෙම තත්වය මඟ හරවා ගැනීම ලෙස නිර්ව්‍යාජ ගැනුම්කරුවෙකු වාහනයක් මිලදී ගැනීමට පෙර එම වාහනය සඳහා නිසි පරිදි ආනයනික තීරු බදු හා වෙනත් ගාස්තු ගෙවා ඇති බවට තහවුරු කරගැනීමට මාර්ගගව සුදුසු මාර්ගගත ප්‍රවේශයක් සහස් කර දෙන ලෙස කොමිෂන් සභාව විසින් ශ්‍රී ලංකා රේගුව වෙත මාර්ගෝපදේශ ලබා දී තිබෙනවා.

ඒ අනුව, https://services.customs.gov.lk/vehicles යන සබැඳිය හඳුන්වා දී ඇති අතර ඒ ඔස්සේ කිසියම් තැනැත්තෙකු විසින් මිලදී ගැනීමට අපේක්ෂා කරනු ලබන වාහනය ශ්‍රී ලංකාවට නීත්‍යානුකූලව ආනයනය කර නිසි පරිදි රේගු බදු ගෙවා ඇත්දැයි යන්න අවස්ථාව හිමි වෙනවා.

RECENT ARTICLES - SINHALA

රංවලගේ ඉල්ලා අස්වීම ගැන ජනපතිගේ තීරණය

කථානායක අශෝක රංවල මහතාගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පිළිගෙන තිබෙනවා. ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින්...

පුංචි ඡන්දෙට ආණ්ඩුව වැඩ අරඹයි

පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා අවලංගු කිරීමට අදාළ අලුත්ම නීති සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරි සති කිහිපයේදී ඉදිරිපත් කරන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත්...

මාධ්‍යවේදීන්ටත් පැන්ෂන් එකක්

ඉදිරි අයවැය තුළින් මාධ්‍යවේදීන් සඳහා විශ්‍රාම වැටුපක් හා රක්ෂණාවරණයක් ලබාදීමට කටයුතු කරන බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසනවා. අමාත්‍යවරයා පවසන්නේ, ජනමාධ්‍යවේදීන් අව්ව වැස්ස...

POPULAR ARTICLES

රංවලගේ ඉල්ලා අස්වීම ගැන ජනපතිගේ තීරණය

කථානායක අශෝක රංවල මහතාගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පිළිගෙන තිබෙනවා. ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින්...

තවත් ක්‍රීඩකයෙක් ජාත්‍යන්තර පිටියෙන් සමුගනී

පාකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් අමීර් සෙනසුරාදා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීම නිවේදනය කළා. තුන් ඉරියව් ක්‍රීඩක ඉමාඩ් වසීම් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීම නිවේදනය...

පුංචි ඡන්දෙට ආණ්ඩුව වැඩ අරඹයි

පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා අවලංගු කිරීමට අදාළ අලුත්ම නීති සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරි සති කිහිපයේදී ඉදිරිපත් කරන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත්...