30 C
Colombo
Wednesday, April 16, 2025

කාලගුණයෙන් දැනුවත් කිරීමක්

- Advertisement -

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට බලපෑ හැකි උණුසුම් කාලගුණය සම්බන්ධව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි සඳහන්ව ඇත්තේ උතුරු, උතුරු මැද, නැගෙනහිර, ඌව පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය හෙවත් මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමුකළ යුතු මට්ටමක පැවතිය හැකි බවයි.

ඒ අනුව මේ සම්බන්ධව අවධානය යොමු කරමින් කටයුතු කරන ලෙසද එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

මේ අතර, හෙට (13) දිනයේදී මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් අම්පාර, මඩකලපුව, හම්බන්තොට සහ මුලතිව් දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වනවා.

තවද දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, අප්‍රේල් මස 05 සිට 14 දක්වා දිනවලදී ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතින බවත් ඒ අනුව හෙට දින දහවල් 12:11 ට තුනුක්කායි, ඕලුමඩු, ඔඩ්ඩුසුඩාන්, කුමුලමුනේ සහ චෙම්මලෙයි  යන ප්‍රදේශවලට හිරු මුදුන් වනු ඇති බවත් එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.

RECENT ARTICLES - SINHALA

සිරි දළදා වන්දනාවේ රථවාහන සැලැස්ම සහ ආරක්ෂක වැඩපිළිවෙලෙ මෙන්න

සිරි දළදා වන්දනාව වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලීසිය සඳහන් කරනවා. නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය සඳහන් කරන්නේ ඒ වෙනුවෙන් පොලිස්...

සිරුරට දැනෙන උණුසුමක්

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට හෙට (17)  දිනයේ දී මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු, උතුරු මැද, වයඹ,...

මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් ඉහළට

මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව වෙත ඊයේ (15) දිනයේදී පැමිණිලි 53ක් ලැබී තිබෙනවා. ඒ අනුව ඉකුත් මාර්තු මස 20වනදා සිට අප්‍රේල් 15වනදා...

POPULAR ARTICLES