30 C
Colombo
Thursday, September 19, 2024

මැ.කෝ කාලගුණ වාර්තාවක් කැඳවලා

- Advertisement -

ඉදිරි දිනවල රටේ කාලගුණ තත්වය පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ලබා ගත් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසු බවට ලංකාදිප පුවත්පතවාර්තා කරනවා.

අයහපත් කාලගුණ තත්වයක් ඇතිවුවහොත් ඉන් ඡන්ද විමසීමට බාධා ඇතිවීම වැළැක්වීම සහ ඊට කල්තියා සූදානම්වීම සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් මෙසේ වාර්තාවක් ලබා ගෙන තිබෙන බව පැවසෙනවා.

මෙයට අමතරව හෙට (20) සිට පැය තුනෙන් තුනට කාලගුණ වාර්තාවක් ලබා ගැනීමට කටයුතු කරන බවද සභාපතිවරයා පවසා තිබුණා.

මේ අතර අයහපත් කාලගුණයෙන් සහ ආපදාවලින් ඡන්ද විමසීමට බාධා ඇතිවීම වැළැක්වීම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරන ලෙස මැතිවරණ කොමිසන් සභාව සියලුම දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන්ට පසුගියදා උපදෙස් දුන් බව සඳහන්.

හදිසි ගංවතුර තත්වයක් ඇති වුවහොත් මුහුණදීම සඳහා ඔරු සහ අගුල් සූදානම් කරන ලෙස මැතිවරණ කොම්ෂන් සභාව නාවික හමුදාවටද උපදෙස් ලබාදී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

රාජ්‍ය නිලධාරින් 09දෙනෙකුගේ මැතිවරණ රාජකාරි අත්හිටුවලා

දේශපාලනය අපේක්ෂකයින් ප්‍රවර්ධනය කිරිමට කටයුතු කළ හම්බන්තොට රාජ්‍ය නිළධාරින් 19 දෙනෙකු පිළිබඳව පරික්ෂණ පැවැත්වෙන බවත් ඉන් රාජ්‍ය නිළධාරින් 09 දෙනෙකුගේ මැතිවරණ රාජකාරි අත්හිටවු බවද...

කොහුවල ඝාතනයට සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

කොහුවල ප්‍රදේශයේ හෝටල් හිමියකුට යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනකු විසින් ඊයේ (18) රාත්‍රී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට යතුරුපැදිය සැපයූ බව කියන සැකකරුවන් දෙදෙනකු...

කොට්ඨාස මැතිවරණ ප්‍රචාරක කාර්යාල ගැන තීරණයක්

අද (19) මධ්‍යම රාත්‍රියෙන් පසු ඡන්ද කොට්ඨාස මට්ටමින් පිහිටුවා ඇති සියලුම මැතිවරණ ප්‍රචාරක කාර්යාල ඉවත්කර ගත යුතු බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ....

POPULAR ARTICLES

1999 ජවිපෙ ජනාධිපති අපේක්ෂකයා සියල්ල පාවා දෙමින් සම්මුඛ සාකච්ඡාවක

0
මාධ්‍යවේදියෙකු සහ ගේය පද රචකයෙකු වූ ප්‍රේමකීර්ති ද අල්විස් මහතා ඝාතනය කර දැමුවේ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයෙන් බව නන්දන ගුණතිලක මහතා...

සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි

0
ජනාධිපතිවරණ රැළි සඳහා අදාළ අපේක්ෂකයින්ගේ ආධාරකරුවන් ලෙස පුද්ගලයින් 3000ක් සභභාගී කරවීම සඳහා රුපියල් ලක්ෂ 45 ක පැකේජයක් හඳුන්වාදීමට මිනිස් බල සැපයීමේ ආයතනයක් ක්‍රියාකර ඇති...

රට ඉඳන් අනුරට ඡන්ද දෙන්න එන අය ගැන දයාසිරි කියයි

ජාතික ජන බලවේගය ඉදිරි ජනාධිපතිවරණ ජයග්‍රහණය කළොත් එය මෙරට අවසන් මැතිවරණය වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. අනුර දිසානායක මහතා ජනාධිපතිවරණය ජයගතහොත්...