26.5 C
Colombo
Wednesday, January 1, 2025

අද රට කරවන්නේ අනුරාධපුරේ කාන්තාවක්..!

- Advertisement -

‍රට පාලනය කරනු ලබන්නේ අනුරාධපුරයේ සිටින කාන්තාවක් බව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසනවා.

ඒ, අද (13) මීරිගම මැතිවරණ බල ප්‍රදේශයේ සමගි ජන බලවේගයේ කාන්තා බල මණ්ඩලය පිහිටුවීමේ අවස්ථාවට එක්වෙමින්.

කාලි මෑණියන්ගේ වරමින් රටේ අනාගතය තීරණය කිරීමට ඉඩ දීම සුදුසු නොවන බවයි එහිදී ඇය පවසා සිටියේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය,

“ජනාධිපතිවරණයේදී ගෝඨාභය දිනුවොත් රටට මෙහෙම වෙන බව අපි පැහැදිලිවම කිව්වා. සමහර මාධ්‍ය එකට එකතු වෙලා මේ රට විනාශ කළා. අපිට සජිත් බලයට ගෙනත් හොඳ රටක් හදන්න ඕන වුණා වගේම හැට නම ලක්ෂයට ඕන වුණෙත් හොඳ රටක් හදන්නයි. එහෙම වුණත් සමහර මාධ්‍ය වැඩ බැරි ටාසන් කෙනෙක් වීරයෙක් කළා.

අද වෙද්දී රටේ දුප්පත් මිනිහා පමණක් නොවෙයි යමක් කමක් කර ගත හැකි පුද්ගලයාත් අසරණ කරන්න සමත් වෙලා ඉවරයි.අපි බැන බැන ඉන්නවා. අපි කවද වෙනකන් බැන බැන ඉන්නද? පැය දෙක තුනෙන් පටන් අරන් පැය හත අට දැන් විදුලිය කපනවා. ඉදිරියේදී පැය විසිහතරමත් කපයි.

අද පවතින මේ රාජපක්ෂ වියරුව ඉවර කරන්නට අපි එකාවන්ව එළියට බහිමු. රාජපක්ෂලා කියන්නේ මහ කෙරුමෝ නොවෙයි. අපි නැගිටින කොට ඔවුන් දුවන එක දුවනවාමයි. ජනතාව මේ තරම් පාරට දාපු ආණ්ඩුවක් ඉතිහාසයේ තිබුණෙත් නෑ අනාගතයේ ඇති වෙන්නෙත් නෑමයි.

රාජපක්ෂලා හිතන්නේ ඒ අයගේ දරුපවුල් කාලා බීලාහිටියොත් ඇති කියලා විතරයි. අද රටේ තියෙන තත්ත්වය පුරුෂයන්ටත් වඩා වැඩි පුරම තේරෙන්නෙ කාන්තා අපිටයි. ඒ නිසා කාන්තාවෝ අපි එකට එකතු වෙලා එළියට බහින්න ඕනෑ. ඒ අවස්ථාව දැන් උදා වෙලා තියෙනවා.

රාජපක්ෂලා මේ රට සලකන්නේ ඔවුන්ගේ කොම්පැනියක් විදිහටයි. ලාභය එකතු කරගෙන ඔවුන්ගේ රටවලට යන්න සූදානම්ව ඉන්නවා. ඔවුනට මේ රට කොම්පැනියක් වුණාට මේක අපේ රට. අපි මේ රටේ ජීවත් වෙන්න ඕනේ, මැරෙන්න ඕන.

අද රට කරවන්නේ අනුරාධපුරේ ඉන්න කාන්තාවක්. අපේ ප්‍රශ්න කියන්න ජනාධිපති හොයාගෙන ගියාම එතුමා එතුමගේ ප්‍රශ්න කියන්න ඒ කාන්තාව හොයාගෙන ගිහින් තිබුණා. කාලි මෑණියන්ගේ වරමින් රටේ අනාගතය තීරණය කරන්න කාන්තාවකට ඉඩ දීම හරිද.

අද ඇමතිකම් දෙන්නෙත් රටේ වැඩ කෙරෙන්නෙත් ඒ කාන්තාවට ඕන විදිහටයි.”

RECENT ARTICLES - SINHALA

බස් රථයකට යටවී කුඩා දරුවෙක් මරුට

බස් රථයකට යටවීමෙන් වයස අවුරුදු හතක දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ (31) සවස වව්නියාව, පාවක්කුලම, යුනිට් 02 ප්‍රදේශයේදී  එම අනතුර සිදුව ඇති බව පොලීසිය...

නීති විරෝධීව එකලස් කළ වාහන 8ක් සමග අයෙක් මාට්ටු

වාහන එකලස් කර අලෙවිකිරීමේ ජාවාරමක් නීතියේ රැහැනට හසුකරගැනීමට පොලිස් අපරාධ විමර්ශන කොට්ඨාසයේ ජාලගත වංචා විමර්ශන ඒකකය සමත් වුණා. එහිදී එම ජාවාරමේ නිරත පුද්ගලයෙකු ජාලගත...

කොටස් වෙළෙඳපොළේ වාර්තාගත ඉහළ යෑමක්

2024 වසරේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය 49.66%ක සුවිශේෂී වර්ධනයක් අත්පත් කරගැනීමට සමත් වී තිබෙනවා. එය 2024 වසර ආරම්භයේ දී ඒකක 10,654.16ක්...

POPULAR ARTICLES

බස් රථයකට යටවී කුඩා දරුවෙක් මරුට

බස් රථයකට යටවීමෙන් වයස අවුරුදු හතක දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ (31) සවස වව්නියාව, පාවක්කුලම, යුනිට් 02 ප්‍රදේශයේදී  එම අනතුර සිදුව ඇති බව පොලීසිය...

නීති විරෝධීව එකලස් කළ වාහන 8ක් සමග අයෙක් මාට්ටු

වාහන එකලස් කර අලෙවිකිරීමේ ජාවාරමක් නීතියේ රැහැනට හසුකරගැනීමට පොලිස් අපරාධ විමර්ශන කොට්ඨාසයේ ජාලගත වංචා විමර්ශන ඒකකය සමත් වුණා. එහිදී එම ජාවාරමේ නිරත පුද්ගලයෙකු ජාලගත...

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගුවන් අනතුරක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී කුඩා ගුවන්යානයක් මුහුදට කඩා වැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ එහි ගුවන් නියමුවා ලෙස කටයුතු...