31 C
Colombo
Friday, October 25, 2024

ශාන්තිකර්මයක් අතරතුරදී රෝගී වූ කාන්තාවක් මරුට

- Advertisement -

ශාන්තිකර්මයක් අතරතුරදී රෝගාතුර වූ කාන්තාවක් රෝහල් ගත කිරීමෙන් පසු මිය ගොස් තිබෙනවා.

ලග්ගල, දාස්ගිරිය, හත්තොටඅමුණ ප්‍රදේශයෙන් මෙම සිද්ධිය වාර්තා වනවා.

පොලීසිය කියා සිටියේ පෙරේදා (16) සවස් කාලයේ සිට ඊයේ (17) උදෑසන දක්වා මෙම ශාන්තිකර්මය සිදුකර ඇති බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ 48 හැවිරිදි ගල්කිරියාගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.

පසුගියදා ලග්ගල, දාස්ගිරිය ප්‍රදේශයේ නිවසක අසනීප තත්ත්වයෙන් පසුවූ කාන්තාවන් දෙදෙනෙකු හා පිරිමි පුද්ගලයෙකු සුවපත් කිරීම සඳහා ශාන්තිකර්මයක් පවත්වා තිබුණා.

ඒ අතරතුර ශාන්තිකර්මය සිදුකළ තැනැත්තා විසින් වරින් වර මොවුන් තිදෙනාට තැඹිලි ගෙඩි 21ක බැඟින් පොවා තිබෙනවා.

එසේ සිදුකරන අතරවාරයේ දී මෙම කාන්තාව හදිසි අසනීප තත්ත්වයට පත්වූ පසු කහ දියරද බීමට සලස්වා ඇති බව වාර්තා වනවා.

ඉන්පසු රෝගී තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් මෙම කාන්තාව දාස්ගිරිය රෝහල් වෙත ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා දඹුල්ල රෝහල වෙත ඇතුළු කිරීමෙන් පසුව ඊයේ (17) මියගොස් තිබෙනවා.

දේහය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය අද (18) දඹුල්ල රෝහලේ දී සිදු කිරීමට නියමිතයි.

ශාන්ති කර්මය සිදුකරන ලද 25 හැවිරිදි පුද්ගලයා පොලීසිය විසින් මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලග්ගල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා.

RECENT ARTICLES - SINHALA

රන්ජන්ගේ නාමයෝජනාවට එරෙහිව නඩුදාලා

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප කරන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. රන්ජන් රාමනායක මහතා ඉදිරි මහ මැතිවරණයට ගම්පහ...

පමුණුගම පොලීසියට ප්‍රදේශවාසීන්ගෙන් විරෝධයක්

පොලිස් අත්අඩංගුවට ගත් තරුණයින් දෙදෙනෙකුට අමානුෂික ලෙස පහරදුන් බවට චෝදනා කරමින් ප්‍රදේශවාසින් පිරිසක් ඊයේ (24) පස්වරුවේ පමුණුගම පොලිස් ස්ථානය ඉදිරිපිටට පැමිණ විරෝධතාවක නිරත ව...

රාජ්‍ය සේවාව ඩිජිටල්කරණය කිරීම ගැන අගමැතිනියගෙන් ප්‍රකාශයක්

රාජ්‍ය සේවය විධිමත් කිරීමට සහ විනිවිදභාවය ඇති කිරීමට රාජ්‍ය සේවාව ඩිජිටල්කරණය කළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ වරලත් ආයතනයේ...

POPULAR ARTICLES

හොංකොං යන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය මෙන්න

හොංකොං ඉන්ටර්නැෂනල් සික්සස් තරඟාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා. නොවැම්බර් 1 - 3 වනදා දක්වා පැවැත්වෙන එම තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් 7 දෙනෙකුගෙන්...

ගම්පහ ඉන්න අයට විශේෂ දැනුම්දීමක්

‍ගම්පහ සම්ප්‍රේෂණ නල මාර්ගයේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අඩු පීඩනයක් යටතේ ජලය සැපයීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය...

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින ලාංකිකයින්ට විශේෂ නිවේදනයක්

එක්සත් අරාබි එමීර් රාජ්‍ය විසින් ප්‍රකාශයට පත් කර ඇති පොදු සමා කාලය 2024 ඔක්තෝබර් මස 31 වන දිනෙන් අවසන් වීමට නියමිත බව ඩුබායි හි...