වීරකැටිය පොලිස් ස්ථානාධිපති නුවන් බුද්ධික විජේතුංග ඇතුළු පොලිස් නිලධාරීන් හතර දෙනකු රුපියල් 25,000 බැගින් වූ මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 50 වැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මාතර මහාධිකරණය අද නියෝග කර තිබෙනවා.
එලෙස ඇප නියම වී ඇත්තේ, තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන එකකයේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක චන්දු ජයවික්රම , මාලිම්බඩ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන්ත විජේසේකර සහ පොලිස් කොස්තාපල් සමන් ජයවර්ධන යන නිලධාරීන්ටයි.
මාතර තෙලිජ්ජවිල පොලිසියේ සේවය කිරීමේදී දිල්ෂාන් මධුසංඛ නම් තරුණයකු අත්අඩංගුවට ගෙන දින හයකට ආසන්න කාලයක් තිස්සේ රඳවා තබා ගනිමින් වධහිංසා පැමිණවීම සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය කළ විමර්ශනයකින් පසු නීතිපතිවරයා මෙම නිලධාරීන්ට අධිචෝදනා ගොනු කර තිබුණා.
කෙසේවෙතත් නඩු විභාගය වැඩිදුර කැඳවීම පෙබරවාරි මස 27 වැනි දිනට කල් තබා තිබෙනවා.
කෙසේවෙතත් ඇප නියමවීමෙන් අනතුරුව අදාළ පොලිස් නිලධාරීන් සිවුදෙනා යළිත් සුපුරුදු පොලිස් ස්ථානවලම රාජකාරියෙහි යෙදීම විශේෂත්වයක්.