27.8 C
Colombo
Thursday, March 27, 2025

ශ්‍රී ලංකාවේ වෛරී ප්‍රකාශ පිළිබඳ නීති ප්‍රතිසංස්කරණ පිළිබඳ වැඩමුළුවක්

- Advertisement -

ප්‍රමුඛ පෙළේ නීති විශාරදයන්, විද්වතුන් සහ පාර්ශ්වකරුවන් එක්කර ගනිමින් “ප්‍රතිසංස්කරණ සඳහා මාවතක්: ​​ශ්‍රී ලංකාවේ වෛරී ප්‍රකාශ නීති පිළිබඳ විමර්ශනය කිරීම” යන මැයෙන් කාලීන වැඩමුළුවක් පසුගිය නොවැම්බර් 28 වැනිදා කොළඹ මැන්ඩරිනා හෝටලයේදී පැවැත්වුණා.

වෛරී ප්‍රකාශ සමාජයෙන් තුරන් කිරීම පිළිබඳ ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ පිළිබඳ අර්ථවත් සංවාදයක් සහ සහයෝගීතාවයක් ඇති කිරීම අරමුණු කරගනිමින් මාධ්‍ය නීති සංසදය විසින් මෙම වැඩමුළුව සංවිධානය කරන තිබුණා .

මේ සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස, UNESCO හි නව දිල්ලි කාර්යාලයේ සන්නිවේදන සහ තොරතුරු පිළිබඳ උපදේශක, Hezekiel Dlamini විසින් ප්‍රධාන දේශනයක්ද පවත්වනු ලැබුවා.

මෙම වැඩමුළුව සඳහා ඉදිරිපත් කළ යෝජිත වෛරී කථන ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ ලේඛනය පිළිබඳ පුළුල් සමාලෝචනයක් ලබාදුන් අතර, ඵලදායී මාධ්‍ය ප්‍රතිපත්ති මුලපිරීම් හරහා වෛරී කථනයට එරෙහිව යුනෙස්කෝවේ ප්‍රයත්නයන් ඉස්මතු කරමින් ගෝලීය අත්දැකීම් බෙදාහදා ගැනිමක් ද සිදු වුණා..

අනතුරුව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නීති අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සහ නීති අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය තුසිත අබේසේකර විසින් සංසන්දනාත්මක වෛරී ප්‍රකාශන නීති සම්පාදනය පිළිබඳ විග්‍රහයක් ඉදිරිපත් කළා.

මාධ්‍ය නීති සංසදයේ සභාපති නීතිඥ විරංජන හේරත් විසින් මෙහෙයවන ලද සංවාද මණ්ඩපයක් ද මෙම අවස්ථාවට ඇතුළත් වුණා

RECENT ARTICLES - SINHALA

පියැසි මත සවිකරන සෝලා ඒකකයකට ගෙවන මුදල අඩු කරයිද ?

සෝලා පද්ධති අලෙවි සමාගම්වල සේවකයින් පිරිසක් අද (28) පස්වරුවේ විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවක නිරත වුණා. ඒ, පියැසි මත සවිකරන සෝලා පද්ධති මගින් නිෂ්පාදනය...

හොඳම කෑම කන්න රජයෙන් ආපනශාලා

ජනතාවට ගුණාත්මක හා ප්‍රමාණවත් ආහාරවේලක් සාධාරණ මිලට ලබාගැනීමේ අවස්ථාව සලසාදීම සඳහා දිවයින පුරා නව ආපනශාලා ස්ථාපිත කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම්කර තිබෙනවා. ජාතික ආහාර...

වර්ෂාවෙන් පනාමුර ප්‍රදේශයට දැඩි බලපෑම්

ඇඹිලිපිටිය, පනාමුර ප්‍රදේශයට අද (27) පස්වරුවේ ඇඳහැළුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ප්‍රදේශ රැසක පස්කඳු කඩාවැටීම් සිදුව තිබෙනවා. ඉන් පනාමුර පොලිස් වසමේ කැම්පනේ, ඕමල්පේ, ගොඩවෙල, දාපනේ දොරපනේ...

POPULAR ARTICLES

පියැසි මත සවිකරන සෝලා ඒකකයකට ගෙවන මුදල අඩු කරයිද ?

සෝලා පද්ධති අලෙවි සමාගම්වල සේවකයින් පිරිසක් අද (28) පස්වරුවේ විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවක නිරත වුණා. ඒ, පියැසි මත සවිකරන සෝලා පද්ධති මගින් නිෂ්පාදනය...

සබ්මැරීන අනතුරකින් 6 දෙනෙකු මරුට

ඊජිප්තු රතු මුහුදේදී සංචාරක සබ්මැරීනයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් තිබෙනවා. එම අනතුරෙන් 9 දෙනෙකු තුවාල ලබා ඇති අතර සබ්මැරීනයේ සිටි 29 දෙනෙකු බේරා...

ඩෙංගු මඩින්න ඩ්‍රෝන මෙහෙයුමක්

සෞඛ්‍ය අමාත්‍යංශයේ ජාතික ඩෙංගු මර්ධන ඒකකය සහ බස්නාහිර පළාත් සභාව එක්ව දින තුනක් පුරා ක්‍රියාත්මක කෙරෙන විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහන අද (27) නුගේගොඩ සෞඛ්‍ය...