24 C
Colombo
Wednesday, January 15, 2025

බස් – යතුරුපැදි අනතුරින් තරුණයෙක් ජීවිතක්ෂයට

- Advertisement -

තණමල්විල පොලිස් වසමේ තණමල්විල, උඩවලව ප්‍රධාන මාර්ගයේ 25 කණුව ප්‍රදේශයේ දී සිදුවු අනතුරකින් තරුණයෙක් මියගොස් තිබෙනවා.

අද (14) අලුයම තණමල්විල දෙස සිට උඩවලව දෙසට ධාවනය වූ බස් රථයක් ඊට ප්‍රතිවිරුද්ධව දෙසින් පැමිණි යතුරුපැදියක් එකිනෙක ගැටී අනතුර සිදුව තිබුණා.

අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරු පැදිකරු ප්‍රතිකාර සඳහා තණමල්විල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.

එලෙස මියගොස් ඇත්තේ අවුරුදු 21ක් වූ සෙවනගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෘත ශරීරය තණමල්විල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.

අනතුරට සම්බන්ධ බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර තණමල්විල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

RECENT ARTICLES - SINHALA

විදුලිබල මණ්ඩල දත්ත වැරදි බවට අනාවරණයක්

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි ගාස්තු පිළිබඳ දත්ත වැරදි බවට විගණකාධිපතිවරයා සිදුකළ මූලික අධ්‍යනයකින් තහවුරු වී ඇති බව විදුලිය පාවිච්චිකරන්නන්ගේ සංගමය පවසනවා. අද (14) පැවති ප්‍රවෘත්ති...

පාසල් සිසුවිය පැහැරගත් තරුණයින් අධිකරණයට 

දවුලගලදී රුපියල් 50ක කප්පම් මුදලක් ඉල්ලා පාසල් සිසුවියක පැහැර ගැනීමේ සිදුවීමට සම්බන්ධ සියලු සැකකරුවන් අද (14) ගම්පොල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. එහිදී මහෙස්ත්‍රාත්...

ගල් ඔය සුදුවැල්ල ගම්මානයේ පුද්ගලයින් 100ක් ඉවතට

ගල්ඔය සුදුවැල්ල ගම්මානයේ පවුල් 100 ක් ආරක්ෂිත ස්ථානයක් වෙත ඉවත් කළ බව අම්පාර දිස්ත්‍රික් ලේකම් චින්තක අබේවික්‍රම මහතා පවසනවා. ඔහු සඳහන් කළේ, අදාළ පිරිස ප්‍රදේශයේ...

POPULAR ARTICLES

විදුලිබල මණ්ඩල දත්ත වැරදි බවට අනාවරණයක්

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි ගාස්තු පිළිබඳ දත්ත වැරදි බවට විගණකාධිපතිවරයා සිදුකළ මූලික අධ්‍යනයකින් තහවුරු වී ඇති බව විදුලිය පාවිච්චිකරන්නන්ගේ සංගමය පවසනවා. අද (14) පැවති ප්‍රවෘත්ති...

වමට සිග්නල් දාලා දකුණ​ට හැරෙන්න එපා – රවී

වත්මන් ආණ්ඩුව ගමන් කරන්නේ මීට පෙර ආණ්ඩු ගමන් කළ මාර්ගයෙහිම බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසනවා. අද (14) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන්...