අගුණකොලපැලැස්ස , රන්න පාරේ ඉන්ධන පිරවුම්හල අසල පිහිටි වාහන වලට තීන්ත ආලේපනය කරන ගරාජයක් තුළ තිබූ යකඩ බැරලයක් පුපුරාගොස් එහි කැබැල්ලක් ගෙලෙහි වැදී ගරාජය තුල සිටි 18 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය පවසනවා.
ඊයේ (16) සවස 6.45 ට පමණ මෙම පුපුරායාම සිදුව තිබෙනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අගුණකොලපැලැස්ස ප්‍රෙද්ශයේ පදිංචි තරුණයෙක්.
පුපුරා ගිය බැරලය ගරාජයේ වාහනවල තීන්ත ආලේපනය කිරීමට අවශ්‍ය තිනර් රැගෙන එනලද හිස් යකඩ බැරලයක් බවත් එහි එකතුවූ ගෑස් තත්වයක් මත බැරලය හදිසියේ පුපුරා යන්නට ඇති බවත් පොලිසිය පවසනවා.
පුපුරා ගිය බැරලයේ පියන කොටස ගැලවී ගොස් ගෙල ප්‍රදේශයේ වැදී බරපතළ තුවාල ලැබූ තරුණයා අගුණකොලපැලැස්ස රෝහලට ඇතුළත් කර තිබෙනවා.