27.4 C
Colombo
Wednesday, April 2, 2025

විදේශිකයින්ට අස්‍යභය දර්ශන බෙදාහැරි තරුණයෙකු අත්අඩංගුවට

- Advertisement -

ළමුන් සම්බන්ධ අස්‍යභය දර්ශන සමාජ මාධ්‍ය ජාල හරහා බෙදා හරින ලද තරුණයෙකු රාගම ප්‍රදේශයේදී ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු 20 හැවිරිදි රාගම, කැන්දලියද්දපාළුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මුහුණු පොත හරහා විදේශීය ජාතිකයින් වෙත ළමයින් සම්බන්ධ ලිංගික දර්ශන ඇතුළත් වීඩියෝ සහ ඡායාරූප බෙදා හරින ලද පුද්ගලයෙකු සම්බන්ධයෙන් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යාංශය වෙත තොරතුරු ලැබී තිබුණා.

මෙම තොරතුරු සම්බන්ධයෙන් අලු‍ත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව සැකකරුට අයත් දුරකථන වාර්තාවක් ලබාගෙන සිදු කළ විමර්ශනවලින් අනතුරුවයි මොහු අත්අඩංගුවට ගනු ලැබුවේ.

එමෙන්ම සැකකරු සන්තකයේ තිබී අසභ්‍ය දර්ශන ඇතුළත් ජංගම දුරකථනයක් හා පරිගණක යන්ත්‍රයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

තරුණයින් පිරිසක් මාතලේ පොලීසිය ඉදිරිපිට විරෝධතාවක

තරුණයින් පිරිසක් මාතලේ නගරය හරහා පෙළපාළියකින් පැමිණ අද (02) පෙරවරුවේ මාතලේ පොලීසිය ඉදිරිපිට විරෝධතාවක් පවත්වා තිබුණා. එම තරුණයන් පිරිස එඩ්වඩ් ක්‍රීඩාංගනයේ ක්‍රිකට් ක්‍රීඩා කරමින් සිටියදී...

ජනාධිපති අරමුදල අවභාවිතාව ගැන CID පරීක්ෂණ

ජනාධිපති අරමුදලේ මුදල් අවභාවිතා කළ බව කියන පුද්ගලයින් 22 දෙදෙනෙකු සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කළ බව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව(CID) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර...

පාර්ලිමේන්තු සේවක සම්ගම්වලින් කතානායකට පැමිණිල්ලක්

පාර්ලිමේන්තු සේවකයන්ගේ දීමනාව සියයට 70 සිට සියයට 31ක් දක්වා කප්පාදු කිරීම  සම්බන්ධයෙන්  විරෝධය පළ කරමින් එහි සියලුම සේවක සංගම්  කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට...

POPULAR ARTICLES

සෙනෙට් සභිකයෙකුගෙන් පැය 25ක දේශනයක්

අමෙරිකාවේ සෙනෙට් සභිකයෙක් එරට දේශපාලන ඉතිහාසයේ දීර්ඝතම සෙනෙට් දේශනය සිදු කර තිබෙනවා. ඒ පැය 25යි විනාඩි 5ක කාලයක් ඉක්මවා යමින්. මෙම වාර්තාව පිහිටවූයේ ඩිමොක්‍රටික් පක්ෂයේ නිව්ජර්සි...

කොටස් වෙළඳපොළ ඉහළට

කොළඹ කොටස් වෙළඳපළ අද (02) දිනයේ දී ඉහළ ගොස් තිබෙනවා. එහි සියලු කොටස් මිල දර්ශකය ඒකක 73.06කින් ඉහළ ගොස් 16,007.44 ක් ලෙසයි වාර්තා වී ඇත්තේ. එය...

තරුණයින් පිරිසක් මාතලේ පොලීසිය ඉදිරිපිට විරෝධතාවක

තරුණයින් පිරිසක් මාතලේ නගරය හරහා පෙළපාළියකින් පැමිණ අද (02) පෙරවරුවේ මාතලේ පොලීසිය ඉදිරිපිට විරෝධතාවක් පවත්වා තිබුණා. එම තරුණයන් පිරිස එඩ්වඩ් ක්‍රීඩාංගනයේ ක්‍රිකට් ක්‍රීඩා කරමින් සිටියදී...