ග්රෑන්ඩ්පාස් පොලිස් වසමේ 13 වත්ත ප්රදේශයේදි අද (25) අලුයම 3ට පමණ දෙපිරිසක් අතර අතිවු ගැටුමකින් තරුණයෙක් මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ, වෙහෙරගොඩැල්ල – වැල්ලම්පිටිය ප්රදේශයේ පදිංචි අශොක් කුමාර් දනුෂන් නැමැති වයස අවුරුදු 18ක තරුණයෙක්.
පොලිසිය පවසන්නේ, ගෙල ප්රදේශයට සිදු වූ බරපතළ කෑපීම් තුවාල හේතුවෙන් ඔහුව රෝහල් ගත කිරිමෙන් අනතුරුව එම තරුණයා මෙලෙස මිය ගොස් ඇති බවයි.
මීට අමතරව, වයස අවුරුදු 16ක තරුණයෙකුද සිද්ධියෙන් තුවාල ලබා ඇති අතර, ප්රතිකාර සඳහා ඔහුව කොළඹ ජාතික රෝහලේ ඇතුළත් කර තිබෙනවා.
මෙම සිදුවිම සම්බන්ධයෙන් කිසිදු සැකකරැවෙකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර, වැඩිදුර විමර්ශන කටයුතු ග්රෑන්ඩිපාස් පොලිසිය මගින් සිදුකරනු ලබනවා.