වාලච්චේන, පුනානි වැවේ මසුන් ඇල්ලීමට ගිය තරුණයෙකු ඔහු විසින්ම භාවිත කළ මාළු දැලක පැටලී මියගොස් තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් ඊයේ (25) සවස් කාලයේදී මරණකරුගේ පියා විසින් වාලච්චේන පොලිස් ස්ථානයට කරන ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබුණා.
එසේ මියගොස් අත්තේ, මයිලතැන්න, පුනානි ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙක්.
විමර්ශනවලදී අනාවරණය වී තිබෙන්නේ මරණකරු අසනීප තත්ත්වයක් හේතුවෙන් රැකියාවක් නොමැතිව නිවසේ පසුවන අතර ඔහු විසින් මාළු දැලක් රැගෙන පුනානි වැවේ මසුන් ඇල්ලීමට ගොස් සිටියදී මෙලෙස දියේ ගිලී ඇති බවයි.
මෘත ශරීරය මහෙස්ත්‍රාත් පරීක්ෂණය සඳහා වාලච්චේන රෝහලේ නැත්පත් කර ඇති අතර වාලච්චේන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.