ඇලපාත පොලිස් බල ප්‍රදේශයට අයත් දෙල්ලබඩ ප්‍රදේශයේදී අද (29) අළුයම තරුණියකගේ ගෙලකපා ඝාතනය කර තිබෙනවා.
ඝාතනයට ලක් වූ තරුණිය අළුයම 6ට පමණ සිය නිවසේ මුළුතැන්ගෙයි සිටියදී, හොර රහසේ ගෙට ඇතුළු වූ පුද්ගලයෙකු පිටුපසින් පැමිණ ඇගේ ගෙල කපා ඇති බව දැනට සිදුකරන ලද විමර්ශනවලදී අනාවරණය වී තිබුණා.
මෙම අවස්ථාවේදී අදාළ ඝාතකයාද එම ස්ථානයේදීම වස බෝතලයක් පානය කර, එම බෝතලය ද මේසයක් මත තබා නිවසෙන් පළා ගොස් තිබෙන බවයි පැවසෙන්නේ.
කෙසේ නමුත් ඔහු පළායන අතරතුර ගමේ කුඹුරකට වැටී සිට ඇති අතර, ඒ හේතුවෙන් ගම්වාසින් ඔහුව රත්නපුර මහ රෝහලට රැගෙන ගොස් තිබුණා.
ඝාතනය සිදුවන අවස්ථාවේදී නිවසේ විදුලිය විසන්ධි වී තිබු බවත් තරුණියගේ මව නිවසේ වෙනත් කටයුත්තක යෙදී සිට ඇති අතර, පියා නිවසින් එළියට ගොස් සිට තිබෙන බවත් පැවසෙනවා.
මෙම ඝාතකයා රාත්‍රී කාලයේ සිටිම මෙම නිවස ආසන්නයේ රැඳී සිටින්ට ඇති බවට පොලීසිය සැකපළ කරනවා.
මෙසේ මිය ගොස් ඇත්තේ දෙල්ලබඩ පදිංචිව සිටි කැලණිය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබූ 29 හැවිරිදි තරුණියක්.
එමෙන්ම මෙම ඝාතනය සිදුකළ බවට සැකරනන, මේ වනවිට රත්නපුර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින පුද්ගලයාද එම විශ්වවිද්‍යාලයේම ඉගෙනමු ලැබූ 32 හැවිරිදි පුද්ගලයෙක් බවට වාර්තා වනවා.
ඔහු අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලීසිය පවසනවා.
මියගිය තරුණිය හා මෙම ඝාතනය සිදුකළ බවට සැකකරන පුද්ගලයා අතර ප්‍රේම සබඳතාවක් තිබූ බවට පොලීසිය සැකපළ කරනවා.
සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන ඇලපාත පොලිසිය විසින් සිදුකරනු ලබයි.