24 C
Colombo
Thursday, January 23, 2025

අවුරුදු 15 ක් එකට ජීවත් වූ අමීර් ඛාන් සහ කිරන් රාඕ වෙන් වෙයි

- Advertisement -

බොලිවුඩ් සුපිරි නළු අමීර් ඛාන් සහ චිත්‍රපට නිෂ්පාදකවරියක සහ අධ්‍යක්ෂවරියක වන කිරන් රාඕ විවාහයෙන් වසර 15 කට පසු වෙන්වන බව ප්‍රකාශ කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් කියා සිටියේ ඔවුන්ගේ පුතා එකට හදා වඩා ගන්නා බවත් ඉදිරියටත් එක්ව වැඩ කරන බවත්ය.

“මේ සුන්දර අවුරුදු 15 තුළ අපි ජීවිත කාලයටම අත්දැකීම්, ප්‍රීතිය හා සිනහව බෙදාගෙන තිබෙනවා” යයි වෙන්වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔවුන් පැවසුවා.

“අපේ ජීවිතයේ නව පරිච්ඡේදයක් ආරම්භ කිරීමට අප සූදානම්. සැමියා සහ බිරිඳ ලෙස නෙවෙයි. සම-දෙමාපියන් සහ පවුලක් ලෙසින්. අපේ සම්බන්ධය ගොඩ නැගී ඇත්තේ විශ්වාසය සහ ගෞරවය මතයි”

56 හැවිරිදි ඛාන් සහ 47 හැවිරිදි රාඕ මුලින්ම හමුව ඇත්තේ 2001 වර්ෂයේ දී යි.

මුස්ලිම් ජාතිකයකු වන අමීර්ට පාලක භාරතීය ජනතා පක්ෂයෙන් පසුගිය කාලයේ විවේචන රැසක් එල්ල වුණා.

ඒ කිසිවක් හමුවේ තමාට හෝ හින්දු භක්තිකයෙකු වන රාඕට රට හැර යාමට කිසිදු අදහසක් නොමැති බව අමීර් පවසා තිබුණා.

කෙසේ නමුත් දැන් ඔවුන් වෙන් වීමට තීරණය කර අවසන් බව පැවසෙනවා.

අමීර් ඛාන් මීට පෙර විවාහ වී සිටියේ රීනා දත්තා සමඟ ය.

මේ අතර අමීර් ඛාන් හා කිරන් රාඕ විසින් නිෂ්පාදනය කරන ලද අති සාර්ථක චිත්‍රපටයක් වූ Dangal චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් නිරූපනය කල ෆාතිමා සානා ෂායික් සමඟ අමීර් ඛාන්ගේ සම්බන්ධයක් ඇති බවට බොලිවුඩය පුරා රාවයක් පැතිර යනවා.

බොහෝ දෙනා ෆාතිමා සානාව විවේචනය කරමින් Twitter පණිවුඩ නිකුත් කර ඇතත් අමීර් ඛාන් සිය විවාහ දිවිය අවසන් කරන බවට නිවේදනය කිරීමෙන් අනතුරුව ෆාතිමා සානා Twitter Tranding චරිතයක් බවට පත්ව තිබෙන බව ඉන්දියානු මාධ්‍ය අනාවරණය කරනවා.

RECENT ARTICLES - SINHALA

ජොන්ස්ටන්ට පිටකොන්දේ ආබාධයක්;උසාවි එන්න බැහැ

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අධිකරණයට පැමිණිය නොහැකි තරම් දැඩි පිට කොන්දේ වේදනාවකින් පෙළෙන බවට අධිකරණයට වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කර තිබූ ආර්.පී.කේ. චන්දන නමැති වෛද්‍යවරයා...

අල්ලස් ගත් ආගමන විගමන නිලධාරියෙක් අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 5ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගත් ආගමන විගමන බලයලත් නිලධාරීවරයෙක් අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබෙනවා. නල්ලූර් උතුර, යාපනය ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් කරන...

වරායේ භාණ්ඩ ගොඩගැසිම ගැන රේගුවෙන් වාර්තාවක් ඉල්ලලා

කොළඹ වරායේ නිෂ්කාශනය නොවූ භාණ්ඩ විශාල ප්‍රමාණයක් ගොඩ ගැසී ඇතැයි වරාය හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය රුවන් කොඩිතුවක්කු මහතා පවසනවා. අමාත්‍යවරයා සඳහන් කළේ, එම භාණ්ඩ...

POPULAR ARTICLES