29 C
Colombo
Friday, October 18, 2024

වැඩබලන පොලිස්පති පත්කරන්න ඕනේ ජනාධිපති -නීතීඥ සාලිය පීරිස්

- Advertisement -

වැඩබලන පොලිස්පතිවරයෙකු පත්කිරීම සම්බන්ධයෙන් අගමැතිවරයා ඊයේ (26) පාර්ලිමේන්තුවේ දී සිදුකළ ප්‍රකාශයේ කිසිදු වලංගුතාවයක් නොමැති බව නීතීඥ සාමූහිකයේ ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා පවසනවා.

ඒ පොලිස්පති ධූරය සම්බන්ධයෙන් මේ වන පත්වී ඇති දේශපාලන තත්ත්වය ගැන නීතීඥ සාමූහිකය විසින් ඊයේ(26) පවත්වනු ලබන ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

ඔහු පවසන්නේ ව්‍යවස්ථාදායක සභාව අධිකරණයේ අභියෝගයට ලක්කළ නොහැකි බවට වන ප්‍රකාශය පදනම් විරහිත බවයි.

“අද දින තුළ අගමැතිවරයා, දක්වා සිටියා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තීරණ ප්‍රශ්න කරන්න බෑ කියලා අධිකරණයට. ඒ කාරණාව සම්පූර්ණයෙන් සාවාද්‍යයයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 (ඕ) යන්න කියන වගන්තිය අගමැතිතුමා කියවන්න ඕනේ. එහෙම වුණානම් ඒකෙන් පේනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ තීරණ ශ්‍රේෂ්ඨාධිකරණයේ මුලික අයිතිවාසිකම් අධිකරණ බලයට යටත්. අද ජනාධිපතිවරයා කියනවා නම් ඔහුට ධුරයේ කාර්යයන් කරන්න බෑ කියලා එහෙම නම් ඔහු තාවකාලිකව අයින් වෙලා කරන්න පුළුවන් කෙනෙකුට භාරදෙන්න ඕනේ. ඒකටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන තියෙනවා.වැඩබලන පොලිස්පතිවරයා පත්කරන්න ඕනේ ජනාධිපතිවරයා. ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලැබුණ වගකීමක්. ඒකෙන් ඔහුට මඟ හැරයන්න බෑ”

RECENT ARTICLES - SINHALA

තාප විදුලි බලාගාරවලට ඉන්ධන සැපයීම ගැන ලංවිමෙන් පැහැදිලි කිරීමක්

ලංකා විදුලිබල මණ්ඩලය තාප විදුලි බලාගාරවලට ඉන්ධන සැපයීම පිළිබඳව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන්ව ඇත්තේ, මෑත කාලීන පුවත් ලිපි කිහිපයක 'ඉන්ධන' යන වචනය...

පාස්කු විමර්ශන මැදට පනින්න එපා, ගම්මන්පිලට පිළිතුරක්

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ කොටගෙන දේශපාලනයේ නියැලීමෙන් වළකින ලෙස කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතාගෙන් ඉල්ලා තිබෙනවා. ‘The...

ආහාර විෂ වීමකින් පාසල් සිසුන් 21ක් රෝහලේ

ආහාර විෂ වීමක් හේතුවෙන් පාසල් ළමුන් 21 දෙනෙක් වලපනේ රෝහලට ඇතුළත් කර තිබෙනවා. මෙසේ රෝහල්ගත කර ඇත්තේ, වලපනේ බටගොල්ල පුස්සදේව ප්‍රාථමික විද්‍යාලයේ ළමුන් 21 දෙනෙක්...

POPULAR ARTICLES

තෙල් මිල ගැන රජයෙන් විශේෂ තීරණයක්

මැදපෙරදිග පවතින යුද තත්ත්වය සමග තෙල් මිල ඉහළ ගියහොත් මිල පාලනය කරන්නේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් සොයාබැලීමට රජය විශේෂ කමිටුවක් පත්කර තිබෙනවා අද (15) පැවති...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (16) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...

ළමයි කැමති විදියට ඡන්දෙ දෙන්න එපා – තොණ්ඩමන්

ජනාධිපතිවරණයේදි වතුකරයේ ජනතාව තම දරුවන්ගේ කැමැත්තට අනුව ඡන්දය භාවිතා කළ බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් හිටපු අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පවසනවා. ඒ අනුව, ජනපතිවරණයේදී...