අදානි සමාගම විසින් බංග්ලාදේශය වෙත විදුලි සැපයුම් කප්පාදු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ, බංග්ලාදේශය විසින් අදානි සමාගම හරහා විදුලිය ලබා ගැනීමේ දී නොපිය වූ ඇමෙරිකානු ඩොලර් මිලියන 846 ක මුදලක් හේතුවෙන්.
මීට පෙර අවස්ථා කීපයකදී අදානි සමාගම විසින් බංග්ලාදේශයේ බලශක්ති සංවර්ධන මණ්ඩලයට එම හිඟ මුදල් ගෙවන ලෙස දැනුම් දී තිබුණා.
කෙසේ වෙතත්, විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ ඊයේ (01) දිනයේ සිට සිය සැපයුම අඩකින් කප්පාදු කිරීමත් සමග බංග්ලාදේශයේ බලශක්ති අර්බුදය උග්‍ර වී ඇති බවයි.