32 C
Colombo
Monday, April 21, 2025

අදානි කොළඹ වරායේ මෙහෙයුම් අරඔයි

- Advertisement -

ඉන්දියාවේ විශාලතම ඒකාබද්ධ ප්‍රවාහන උපයෝගිතා සමාගම වන අදානි වරාය සහ විශේෂ ආර්ථික කලාප සමාගම (APSEZ), කොළඹ වරායේ කොළඹ බටහිර ජාත්‍යන්තර පර්යන්තයේ (CWIT) මෙහෙයුම් ආරම්භ කරන බව නිවේදනය කර තිබෙනවා.

රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයක් යටතේ සංවර්ධනය කරන ලද කොළඹ වරායේ කොළඹ බටහිර ජාත්‍යන්තර පර්යන්තය වසර 35ක් තුළ ගොඩනැගීම, ක්‍රියාත්මක කිරීම සහ මාරු කිරීම (BOT) ගිවිසුමක් යටතේ අදානි වරාය සහ SEZ සමාගම, ශ්‍රී ලාංකික සමූහ ව්‍යාපාරයක් වන ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පීඑල්සී සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් සමන්විත ඒකාබද්ධ ආයතනයක් විසින් මෙහෙයවනු ලැබේ.

කොළඹ බටහිර ජාත්‍යන්තර පර්යන්ත ​​ව්‍යාපෘතිය ඇමරිකානු ඩොලර් මිලියන 800 ක සැලකිය යුතු ආයෝජනයක් නියෝජනය කරන අතර පර්යන්තය මීටර් 1,400ක දිගක් සහ මීටර් 20ක ගැඹුරකින් යුක්ත වන අතර, එමගින් පර්යන්තය වාර්ෂිකව ආසන්න වශයෙන් අඩි 20ක බහළුම් ඒකක (TEU) මිලියන 3.2 ක් හැසිරවීමට හැකියාව ලබා දෙනු ඇති.

භාණ්ඩ හැසිරවීමේ හැකියාවෙන් අනූනව  සහ දකුණු ආසියාවේ ප්‍රධාන ප්‍රතිනැව්ගත කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස කටයුතු කළ හැකි  , සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීයව කටයුතු සිදු කළ හැකි පිහිටි පළමු පර්යන්තය වන බව සඳහන්.

2022 මුල් භාගයේදී ආරම්භ වූ ඉදිකිරීම්  එතැන් සිට වේගවත් ප්‍රගතියක් අත්කර ගෙන තිබෙනවා.

අති නවීන යටිතල පහසුකම් ස්ථාපනය කිරීම අවසන් අදියරේ පවතින අතර  කලාපීය සමුද්‍රීය සැපයුම්වල මෙහෙයුම් කාර්යක්ෂමතාව සහ විශ්වසනීයත්වය තහවුරු කිරීම ප්‍රමුඛ අරමුණක් වනවා.

කොළඹ වරායේ කොළඹ බටහිර ජාත්‍යන්තර පර්යන්තයේ මෙහෙයුම් ආරම්භ කිරීම ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර කලාපීය සහයෝගීතාවයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරන බව අදානි සමූහයේ සභාපති ගෞතම් අදානි මහතා පවසනවා.

මෙම පර්යන්තය ඉන්දියානු සාගර කලාපයේ වෙළඳාමේ අනාගතය නියෝජනය කරනවා පමණක් නොව, එය විවෘත කිරීම ශ්‍රී ලංකාවට ආඩම්බර මොහොතක් වන අතර එය ගෝලීය සමුද්‍ර සිතියමේ ස්ථිරව තබන බව ද ඔහු සඳහන් කරනවා.

කලාපීය සමුද්‍රීය මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාවේ තත්ත්වය ශක්තිමත් කරන ව්‍යාපෘතියක් ලෙස සැලකෙන බටහිර බහාලුම් පර්යන්තයේ සංවර්ධනයේ ප්‍රගතිය දැකීම ගැන ආඩම්බර වන බව ජෝන් කීල්ස් සමූහයේ සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා පවසනවා.

RECENT ARTICLES - SINHALA

මාධ්‍යවේදීන් නොවන අයටත් ID එක දීලා

මීට පෙර මාධ්‍යවේදීන් නොවන පිරිස් සඳහාද මාධ්‍ය හැඳුනුම්පත් නිකුත් කර තිබු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. මාධ්‍ය වෘත්තීය සමිති සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා අතර...

‍ලෝයර් රට නිසා පස්සේ එන්නම් – රනිල්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබන 25 වැනිදා පෙ.ව 9.30ට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටින්නැයි දැනුම් දී තිබෙනවා. කෙසේවෙතත්, සිරිකොත එක්සත්...

අනුරත් පාස්කු ප්‍රශ්නය විසඳන්නේ නැහැ – පාඨලී

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ පත්වීමත් සමඟ පාස්කු විමර්ශන වඩාත් අපක්ෂපාතීව කරනු ඇතැයි බලාපොරොත්තු වුවද, වත්මන් ආණ්ඩුවටද මෙම ප්‍රශ්නය නිවැරදිව විසඳිය නොහැකි බව එක්සත් ජනරජ...

POPULAR ARTICLES

මාධ්‍යවේදීන් නොවන අයටත් ID එක දීලා

මීට පෙර මාධ්‍යවේදීන් නොවන පිරිස් සඳහාද මාධ්‍ය හැඳුනුම්පත් නිකුත් කර තිබු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. මාධ්‍ය වෘත්තීය සමිති සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා අතර...

අලුත් පාප් වහන්සේ තෝරන්නේ මෙහෙමයි

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වීමත් සමග පුරප්පාඩු වන පාප් ධුරය සඳහා මීළඟ සුදුස්සා තෝරා පත්කර ගැනීම අවම වශයෙන් දින 15 කට...

අපරාධ වරදක් කියලා පේන්නේ නැත්තම් දළදාවේ පොටෝ එක ගැන විමර්ශන නැහැ – පොලීසිය

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ පැවැත්වෙන ‘සිරි දළදා වන්දනාව’ සඳහා පැමිණි පුද්ගලයෙකු විසින් ලබා ගන්නා ලද ඡායාරූපයක් සම්බන්ධව මේ වන තෙක් විමර්ශන කටයුතු ආරම්භ නොකළ...