26 C
Colombo
Friday, October 25, 2024

මෙරට ගුවන් තොටුපොළ පරිපාලනයටත් අදානිගේ බැල්ම

- Advertisement -

මෙරට ගුවන් තොටුපොළ 03ක පරිපාලනය ලබාගැනීම සම්බන්ධයෙන් අදානි සමූහය මෙරට බලධාරින් සමඟ සාකච්ඡා පැවැත්වූ බව ඉන්දීය මාධ්‍යය වාර්තා කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ සංචාරක, ඉඩම්, ක්‍රීඩා සහ තරුණ කටයුතු පිළිබඳ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා උපුටා දක්වමින් ද හින්දු ව්‍යාපාරික වෙබ් අඩවිය පවසන්නේ, කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ, කොළඹ රත්මලාන ගුවන් තොටුපොළ සහ මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සම්බන්ධයෙන් එම සාකච්ඡා පවත්වන බවයි.

ඉන්දීය මාධ්‍ය පවසන්නේ, එම ගුවන් තොටුපොළවල පහසුකම් පුළුල් කිරීමට සහ මගී ධාරිතාව වැඩි කිරීම සඳහා පෞද්ගලික හවුල්කරුවෙකුගේ සහාය අපේක්ෂා කරන අතර, ඒ සඳහා අදානි සමූහය මෙරට බලධාරින් සමග සාකච්ඡා කරමින් සිටින බවයි.

අදානි සමූහය විසින් ඉන්දියාවේ, මුම්බායි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ඇතුළු ගුවන් තොටුපොළ 07ක පරිපාලන කටයුතු මෙහෙයවීම මේ වන විටත් සිදු කරමින් පවතිනවා.

RECENT ARTICLES - SINHALA

ඇල්පිටිය ඡන්ද විමසීම හෙට

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම සඳහා අවශ්‍ය සියලු නිලධාරින්, ඡන්ද පත්‍රිකා සහ අනෙකුත් බඩුබාහිර අදිය අද (25) අදාළ මධ්‍යස්ථාන වෙත රැගෙන යන බව මැතිවරණ...

මොනර මස් කෑ තවත් විදේශිකයන් පිරිසක් සොයා විමර්ශන

විදේශිකයෙක් ආදිවාසීන් සිව්දෙනෙකුද සමග එක්ව මාදුරුඔය ජාතික වනෝද්‍යානයට අනවසරයෙන් ඇතුළු වී මොනරෙකු මරා ආහාරයට ගන්නා අයුරු රූ ගතකළ වීඩියෝවක් සම්බන්ධයෙන් වනජීවි දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ...

නිවෙස් කොල්ලකෑ සැකකරුවෙක් අත්අඩංගුවට

ජා-ඇල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මාකවිට ප්‍රදේශයේදී වරෙන්තු නිකුත් වී සිටි සැකකරුවෙකු ඊයේ (24) අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සැකකරු වයස අවුරුදු 28ක් වන ගෝනෑව,...

POPULAR ARTICLES

හොංකොං යන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය මෙන්න

හොංකොං ඉන්ටර්නැෂනල් සික්සස් තරඟාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා. නොවැම්බර් 1 - 3 වනදා දක්වා පැවැත්වෙන එම තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් 7 දෙනෙකුගෙන්...

ගම්පහ ඉන්න අයට විශේෂ දැනුම්දීමක්

‍ගම්පහ සම්ප්‍රේෂණ නල මාර්ගයේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අඩු පීඩනයක් යටතේ ජලය සැපයීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය...

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින ලාංකිකයින්ට විශේෂ නිවේදනයක්

එක්සත් අරාබි එමීර් රාජ්‍ය විසින් ප්‍රකාශයට පත් කර ඇති පොදු සමා කාලය 2024 ඔක්තෝබර් මස 31 වන දිනෙන් අවසන් වීමට නියමිත බව ඩුබායි හි...