30 C
Colombo
Thursday, November 7, 2024

පාස්පෝට් ප්‍රශ්නෙ ගැන ජනපතිට බොරු තොරතුරු දීලා – ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමය

- Advertisement -

විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් ඇති වී තිබෙන ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම සංගමය පෙන්වා දෙන්නේ වර්තමානයේ පවතින සැබෑ තත්ත්වය පෙන්වාදීම සඳහා මෙන්ම අර්බුදය විසඳීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග ගැන දැනුවත් කිරීම සඳහා අදාළ නිවේදනය නිකුත් කළ බවයි.

ජනතාව විසින් තෝරාපත් කරගත් ජනාධිපතිවරයාව අසීරුතාවයට පත්වීමට දෙපාර්තමේන්තු ඉහළ පරිපාලනය විසින් ලබාදුන් සාවද්‍ය තොරතුරු හේතුවූ බව එම සංගමය අවධාරණය කරනවා.

සංඛ්‍යා දත්ත, තොරතුරු සියල්ල දෙපාර්තමේන්තුව සතුව තිබිය දී රජයේ සමස්ත කාර්යභාරයෙන් තුනෙන් එකක ප්‍රමාණයක් ආවරණය කළ යුතු අතිශය භාරදුන් කාර්යභාරයක නියැලී සිටින විෂයභාර අමාත්‍යවරයාට කොතරම් කටුක වුවද විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම හා සම්බන්ධව පවතින සත්‍ය තත්ත්වය දෙපාර්තමේන්තු බලධාරීන් විසින් අනාවරණය නොකිරීම කනගාටුවට කරුණක් බව ද ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමය පවසා තිබෙනවා.

පැරණි දේශපාලන අධිකාරියේ හිතවත්කම් මත තනතුරු ලබාගත් ඉහළ කිහිපදෙනෙකුගේ අත්තනෝමතික කටයුතු ඒ ආකාරයෙන්ම පවත්වා ගනිමින් මෙම අර්බුදයට විසඳුම් ලබාගත හැකි බව වෘත්තීය සමිතියක් ලෙස තමන් පිළිනොගන්නා බව ද අදාළ නිවේදනය මඟින් ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙනවා.

මේ හේතුවෙන් මහජනතාව අසීරුතාවයට පත්කළ එවැනි නිලධාරීන් කවුරුන් දැයි හෙළි කිරීම තම සංගමයේ වගකීම වන බවත්, ඒ සඳහා විධිමත් පරීක්ෂණයක් සිදුකිරීමට කටයුතු කළ යුතු බවත් අදාළ නිවේදනයේ තවදුරටත් දැක්වෙනවා.

ඒ සඳහා අදාළ ආයතනවලට බලකිරීමට ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමය කටයුතු කළ අතර, විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ අර්බුදය නිශ්චිතව අවසන් කිරීමට නොපමාව ක්‍රියාකළ යුතු බවට දෙපාර්තමේන්තු බලධාරීන් වෙත අවධාරණය කරන බව ද ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමය එම නිවේදනය මඟින් පෙන්වා දෙනවා.

මෙම අර්බුදයට හේතු එම සංගමය පහත ආකාරයෙන් ලැයිස්තු ගත කර තිබෙනවා,

1. ගෝලීය කොවිඩ් වසංගත තත්ත්වයෙන් පසු විදේශ ගමන් බලපත්‍ර සඳහා ඉල්ලුම වැඩි වුව ද නිවැරදි ධාරිතාවයෙන් හිස් ගමන් බලපත්‍ර ඉල්ලුම් කිරීමට දෙපාර්තමේන්තු පරිපාලනය අපොහොසත් වීම.

2. ජාතික අවශ්‍යතාවයට ගැලපෙන පරිදි දෙපාර්තමේන්තු පරමාර්ථථ සාධනයට කටයුතු නො කිරීම හා

අවශ්‍යතා හඳුනාගෙන ගමන් බලපත්‍ර ප්‍රමාණය වැඩි නො කිරීම.

3. විදේශ ගමන් බලපත්‍ර මුද්‍රණය ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු අධි තාක්ෂණික ලියවිල්ලක් වුවද ඒ සඳහා නිසි ක්‍රියාමාර්ග නොගැනීම.

4. ටෙන්ඩර් ප්‍රදානය කළ සමාගමේ ශක්‍යතාවය පිළිබඳ අවධානය යොමු නො කිරීම සහ දෙපාර්තමේන්තුව වෙත හිස් ගමන් බලපත්‍ර ලබා ගැනීමේ කාල පරාසය නිශ්චිතව නව සමාගමෙන් ලබා නොගැනීම. උදා : 750,000 ක හිස් ගමන් බලපත්‍ර ලබා ගැනීමට අභියාචනාධිකරණය අවසර ලබා දුන්නද නියමිත කාලයේදී නව සමාගම නිසි ගමන් බලපත්‍ර ලබා නො දීම. (ඔක්තෝබර් මස දෙවන සතියේදී හිස් ගමන් බලපත්‍ර ලබාදිය හැකි බවට ගරු අභියාචනාධිකරණය හමුවේ ප්‍රකාශ කළ ද ඔක්තෝබර් 21 වන දින 7000 පමණ වූ සුළු හිස් ගමන් බලපත්‍ර ප්‍රමාණයක් පමණක් සැපයීම හා ඔක්තෝබර් 27 වන දා පමණ වන විට නැවත 45000ක් පමණ හිස් ගමන් බලපත්‍ර දෙපාර්තමේන්තුවට සැපයීම.)

5. නැවත කොපමණ ප්‍රමාණයක් කෙදිනක සැපයීම කරනවාද යන්න පිළිබඳ නිශ්චිත තොරතුරු නැත. මේ හේතුවෙන් මහජනතාව අසීරුතාවට මුහුණ දීම, නිශ්චිත තොරතුරු ජනමාධ්‍යයට ලබාදීමට නො හැකි වීම හා ජනමාධ්‍යයට ද නිශ්චිත තොරතුරු මහජනතාවට ලබාදීම සඳහා වගකිව යුතු නිලධාරියකු නොමැති වීම.

6. මහජන දුක් ගැනවිලි සමනය කිරීමට නව ක්‍රමවේද හඳුන්වා දිය යුතුව තිබුණි. පවතින ක්‍රම වේදය හෝ කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීමට කටයුතු නොකිරීම.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමය නිකුත් කළ නිවේදනය පහතින්,

RECENT ARTICLES - SINHALA

නිල සංචිත වත්කම්වල කැපීපෙනෙන වර්ධනයක්

2024 ඔක්තෝබර් මාසයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම්වල කැපීපෙනෙන ඉහළ යාමක් වාර්තා වී තිබෙනවා. 2024 සැප්තැම්බර් මාසයේදී දී එක්සත් ජනපද ඩොලර්...

අනුරගේ ආණ්ඩුවෙන් මාධ්‍යට බලපෑම්

අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ ආණ්ඩුවෙන් මාධ්‍යයට, වෘත්තීය සමිති ව්‍යාපාරයට සහ විපක්ෂයට දැඩි බලපෑම් එල්ල වෙමින් තිබෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා...

රටේ සහල් සහ වී තොග පිළිබඳ වාර්තාව ජනපති අතට

සහල් සහ වී තොග සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් සැකසූ වාර්තාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට බාරදී තිබෙනවා. වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් එම ලේඛනය ජනාධිපතිවරයා...

POPULAR ARTICLES