ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර තෙවැනි සහ අවසන් 20යි 20 තරගයෙන් ඇෆ්ගනිස්තානය ලකුණු 03ක ජයක් වාර්තා කිරීමට සමත් වුණා.
කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්තාන නායකයා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර, ඒ අනුව ඔවුහු පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 209ක් රැස් කළා.
රහමනුල්ලා ගුර්බාස් ලකුණු 70ක් රැස් කළ අතර, හස්රතුල්ලා සසායි ලකුණු 45ක් රැස් කිරිමට සමත් වුණා.
පන්දු යැවීමේ දී මතීෂ පතිරණ සහ අකිල ධනංජය අතරේ කඩුලු 02 බැගින් බෙදී ගියේ ය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රි ලංකාවට කඩුලු 06ක් දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 206ක් පමණයි.
ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට පිතිකරණයක යෙදුණු පැතුම් නිස්සංක ලකුණු 60ක් රැස් කළ අතර කමිඳු මෙන්ඩිස් ලකුණු 65ක් රැස් කිරිමට සමත් වුණා.