29 C
Colombo
Sunday, October 27, 2024

ලංකාවට ආ අප්‍රිකානු සූකර උණ

- Advertisement -

බස්නාහිර පළාතේ, ගම්පහ දිස්ත්‍රික්කයෙන් පළමුවරට ඌරන් ආශ්‍රිතව වාර්තා වූ ප්‍රජනන හා ශ්වසන රෝගය අප්‍රිකානු සූකර උණ රෝග තත්ත්වය බවට තහවුරු වී තිබෙනවා.

සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ, ක්ෂේත්‍රයෙන් ලබාගන්නා ලද නව සාම්පල පරීක්ෂා කිරීමේ දී සාම්පල කිහිපයකින් ඒ බව තහවුරු වී ඇති බවයි.

පසුගිය කාලසීමාවේ ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක ඌරන් හදිසියේ මියයාමේ සිදුවීම් වාර්තා වූ අතර, ඒ සම්බන්ධයෙන් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විශේෂ පරීක්ෂාවක් සිදුකර තිබුණා.

එම පරීක්ෂාවට අනුව ඌරන්ට වැළඳී ඇති අදාළ රෝගී තත්ත්වය දකුණු ආසියානු රටවල ද මෑතකදී වාර්තා වූ අප්‍රිකානු සූකර උණ රෝගී තත්ත්වය බවට අනාවරණය වී තිබෙනවා.

එම රෝග තත්ත්වය ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ ප්‍රථම අවස්තාව මෙය වන අතර, අධිව්‍යාධිජනක මෙම රෝගය රටේ සෙසු ප්‍රදේශවලට පැතිර යාම වැළැක්වීම සඳහා අදාළ ප්‍රදේශවල පශු වෛද්‍ය නිලධාරීන් වෙත බලය පැවරීමට කටයුතු කර ඇති බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.

ඒ අනුව ඌරු මස්, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අතර ප්‍රවාහනය සිදුකරන්නේ නම් ඊට ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන්ගේ අනුමැතිය අනිවාර්ය කර තිබෙනවා.

කෘෂිකර්ම හා පශු සම්පත් අමාත්‍යංශය පැවසුවේ, ඊට අදාළ ගැසට් නිවේදනය ද නිකුත් කිරීමට පියවර ගෙන ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

විභාග දෙපාර්තුමේන්තුවේ හඬ පටිගත කරන යන්ත්‍ර 23ක් අතුරුදන්

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සතු හඬ පටිගත කිරීමේ කිරීමේ යන්ත්‍ර 23 ක් අස්ථාන ගතවී ඇතැයි ජාතික විගණන කාර්යාලය අනාවරණය කර තිබෙන බව 'ලංකාදීප' වාර්තා...

ව්‍යාජ බෝම්බ බියක් ඇති කළ අයෙක් අත්අඩංගුවට

අරුගම්බේ ප්‍රදේශයේ සංචාරයකට පැමිණ සිටි පිරිසක් හට එම ප්‍රදේශයේ බෝම්බ තුනක් ඇති බවට අසත්‍ය ප්‍රකාශයක් සිදුකර බිය ගැන්වීමක් කළ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොතුවිල්...

පුත්තලමේ සිදුවූ රිය අනතුරකින් 7ක් රෝහලට

පුත්තලම - කොළඹ පාරේ අද (27) දවල් සිදු වූ රිය අනතුරක් හේතුවෙන් 07 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ත්‍රීරෝද රථ දෙකක් මුහුණ මුහුණ වැදීමෙන් මෙම අනතුර...

POPULAR ARTICLES

අනුර ඉදිරියේ කෘෂි නිලධාරීන් නිරුත්තර වෙයි

කෘෂිකර්ම අමාත්‍යාංශය මෙතෙක් දියත් කර ඇති ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතිවලින් ග්‍රාමීය දිළිඳුභාවය කොතෙක් දුරට විසඳා තිබේදැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රශ්න කර...

ජොන්ස්ටන්ගේ පෙත්සම ගැන අභියාචනාධිකරණය දුන් නියෝගය

තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඉදිරිපත්කළ රිට් පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා නොවැම්බර් මස 05...

පත්තරේ ගිය අනුර – හරිනි අවුල ගැන පැහැදිලි කිරීමක්

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට නව සභාපතිවරයෙක් පත් කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය සහ  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර ගැටුමක් හටගෙන ඇති බවට...