අප්‍රිකානු කුරුළු උණ පැතිරයාම හේතුවෙන් චීනයේ ඌරන් ඇති කිරීමේ කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල වී ඇතැයි වාර්තා වේ.
මෙම උණ රෝගය මිනිස්සුට හානිදායක නොවුණත් ඌරන්ට මාරාන්තික බලපෑම් එල්ල කරයි.
ද ඉකොනොමිස්ට් වාර්තාවකට අනුව ලොව වැඩියෙන්ම ඌරු මස් පරිභෝජනය කරන රට චීනය වන අතර ලොව ඌරු ගහණයෙන් අඩකටත් වැඩි ප්‍රමාණයක් සිටින්නේ චීනය තුළයි.
එරට කෝටි සංඛ්‍යාත පිරිසක් ඌරන් ඇති කිරීම සහ ඒ ආශ්‍රිත කටයුතුවල නිරත වන අතර එය ආර්ථිකයේ ප්‍රබල කොටසක් නිරූපණය කරයි.
අප්‍රිකානු කුරුළු උණ පැතිරයාම හේතුවෙන් එම කර්මාන්තයට දැඩි බලපෑම් එල්ල වී ඇති අතර මෙම වසරේ මුල් මාස හය තුළ එය වසංගතයක් ලෙස අවස්ථා 11දී මතුව තිබේ.
මෙම තත්වය පාලනය කිරීම සදහා එරට බලධාරීන් විශේෂ වැඩසටහන් රැසක් දියත් කර තිබුණත් ඒවා මෙතෙක් සාර්ථක වී නැති බව එරට වාර්තා වැඩිදුරටත් සදහන් කරයි.