28 C
Colombo
Tuesday, September 17, 2024

21න් පස්සේ හොර නඩයම දොට්ට දාන්නෙ ‘මෙහෙමයි’ – අනුර

- Advertisement -

එළඹෙන 21 දිනයෙන් පසුව තම පක්ෂය පිහිටුවන රජයේ රාජ්‍ය ඇමතිවරු නොමැති නියෝජ්‍යය ඇමතිවරු පමණක් සිටින 25 දෙනෙකුගෙන් යුත් විද්‍යාත්මක ඇමති මණ්ඩලයක් සාදන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

එම ඇමති මණ්ඩලය පත් කරන්නේ ඒ ඒ විෂයට අදාල ක්ෂේත්‍රයන් එකට එකතු කර එක් විෂය පතයකට යටතේ බවයි ඔහු පවසන්නේ.

පුත්තලම නගරයේ පැවති ජන හමුවකිදී ඒ මහතා මේ බව කියා සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා

“මෙතෙක් කලක් පැවති පවුල් දේශපාලනය තිත තියන්න ඉතිහාසයේ ලැබිලා තියෙන හොද අවස්ථාවක් මෙය. මහින්දගේ” පුතා ජනාධිපති කරන්න , ප්‍රේමදාසගේ පුතා සජිත් ජනපති කරන්න , ජේ.ආර් ගේ බෑනා රනිල් ජනපති කරලා පුවුල් දේශපාලනයට ඉදිරියටත් ගෙනි යනවාද? නැතිනම් එන 21 වෙනිදා ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් හදාලා මේ ගමන නවත්වනවාද කියන එක ඔබ තීරණය කරන්න.

අපේ ආණ්ඩුවක් යටතේ විදිමත් ලෙස ධීවර කර්මානතය , කෘෂිකර්මාන්තය නංවාලිමට කඩිනමින් කටයතු කරනවා , ඒ සදහා ජනතාවට දිය හැකි සියලු සහන දෙනවා , රජයක් හැටියට අපි උදව් කරනවා. පුත්තලම දිස්ත්‍රික්කය එයින් විශේෂයි. ධීවරයන් හා ගොවීන් ශක්තිමත් කිරීම තුලින් ජාතික ආර්ථිකයට ලොකු සවියක් ගන්න පුළුවන්.

ක්‍රමවත් අධ්‍යාපනයක් ලබා ගැනීමට හැකි වටපිටාවක් අපි දරුවන්ට ඇති කරනවා. පුත්තලමේ ඉදලන් හලාවතට , වෙන්නප්පුවට දරුවන් පාසල් ගිය යුගය අවසන් කරන්න කටයුතු කරනවා. කිලෝමිටර් 3 ඇතුළත විදිමත් පහසුකම් සපිරි පාසලකට ඔබේ දරුවා යවන්න කටයුතු කරනවා. රජයේ සේවකයේ 70% වැඩි ප්‍රමාණයක් ජාතික ජනබලවේගය සමග එකතුවේලා ඉවරයි . ඒක අපිට ඉර හද වගේ විශ්වාසයි.

අපේ ජයග්‍රහනය ස්ථිරයි එයින් පසුව අපි පාර්ලිමේන්තුව විසුරුවාහරිනවා. හොදට මතක තියා ගන්න ඊළඟ පාර්ලිමේන්තුවට මේ ඉන්න ගොයියන්ගෙන් 150 වැඩි ප්‍රමාණයක් හැලෙනවා.

එතකොට ලංකාවට හොරෙන් රත්තරන ගෙනාපු පුත්තලමේ ගොයියා ඇතුළු තවත් කණ්ඩායමක්ම ගෙදර. අපේ ආණඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසී ජනතා බදු මුදලින් ඔවුන්ගේ ජල , විදුලිය බිල්පත් ගෙවීම් අහෝසියි. අවශ්‍යනම් පමණයි ආරක්ෂක නිළදාරින්. පොලිස් නිළදාරින් නිකන් බැලමෙහෙවර කරන්න යොදන්නේ නැ”

RECENT ARTICLES - SINHALA

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය කලින්ම පිටවෙලා

පසුගිය 15 වැනි දින පැවති පහ වසරේ ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය ජංගම දුරකතනයකින් ජයාරූප ගතකර බේදා හරින ලද බව කියන ශාලාධිපතිවරයෙකු ඇතුළු ගුරුවරු...

කුස්සිය ගැන හිතලා වැඩ කරන රනිල්

තමන් සෑම විටම කුස්සිය ගැන සිතා කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මුළුතැන්ගේ සටන ලබන වසරේ නිමා කරන බවයි ඔහු පවසන්නේ. ජනාධිපතිවරයා මේ බව...

ලයිසන් නැතුව වාහන පැදපු හිමිනමක් අත්අඩංගුවට

වලංගු රියැදුර බලපත්‍රයක් නොමැති කාර් රථයක් පැදවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිමිනමක අත්අඩංගුවට ගත් බව කුරුණෑගල පොලිසිය පවසනවා. පොලිසිය පවස්න්නේ, මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 46 ක්...

POPULAR ARTICLES

රට ඉඳන් අනුරට ඡන්ද දෙන්න එන අය ගැන දයාසිරි කියයි

ජාතික ජන බලවේගය ඉදිරි ජනාධිපතිවරණ ජයග්‍රහණය කළොත් එය මෙරට අවසන් මැතිවරණය වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. අනුර දිසානායක මහතා ජනාධිපතිවරණය ජයගතහොත්...

සජිත්ට හිරු එකත් එක්ක තියෙන ඩීල් එක මොකක්ද ? – තලතා

තමන් ඩීල් දේශපාලනයේ නොයෙදෙන බවට සජිත් ප්‍රේමදාස පැවසුවත්, මේ වන විටත් ඔහු නාමල් රාජපක්ෂ මෙන්ම හිරු නාලිකාව සමඟත් ඇතිකරගෙන තිබෙන ගිවිසුම් මොනවාද යන්න වහාම...

උසස් පෙළ පැවැත්වෙන දිනය මෙන්න

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නොවැම්බර් 25 වනදා ආරම්භ වන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසනවා. ඒ අනුව, අදාළ විභාගය දෙසැම්බර් 20 දක්වා...