මීට වසර හතරකට පෙර බලන්ගොඩ හතරභාගේ ප්රදේශයේදි 47හැවිරිදි පුද්ගලයෙකු ඝාතනය කර සත්යවසන් කරමින් සිටි සැකකරුවන් තිදෙනකු අද (03) අත්අඩංගුවට ගත් බව රත්නපුර අපරාධ විමර්ශන කාර්යාංශයේ නිළධාරින් පැවසුවා.
බලන්ගොඩ හතරභාගේ ප්රදේශයේ පදිංචිව සිටි වික්රමඅරංචිචිලාග් සමන් කුමාර නැමැති විවාහක පුද්ගලයෙකු මෙලෙස ඝාතනය කර තිබුණා.
එම ප්රදේශයේම පදිංචි සැකකරුවන් හතරදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව එම කාර්යාංශය සඳහන් කළා.
2021 වසරේ පෙබරවාරි මස මෙම පුද්ගලයා රෝහල් ගත කිරිමෙන් පසු මියගොස් තිබුණා.
එහිදී මරණකරු බිමට ඇඳ වැටි රෝහල් ගත කල බවට පොලිසියට සහ බලන්ගොඩ මුලික රෝහලට පවසන මෙන් ඝාතනය කර ඇති පුද්ගලයන් විසින් මරණකරුගේ පියාට පවසා තිබෙනවා.
පියාද ඒ අයුරින් පැවසුවද පසුව මරණය පිළිබදව සැක බවට පියා විසින්ම පොලීසියට පවසා තිබෙනවා.