27.6 C
Colombo
Tuesday, April 15, 2025

ඇමරිකානු ජනපති හා චීන ජනපති අතර සාකච්ඡාවකට එකඟතාවයක්

- Advertisement -

ඇමෙරිකා එක්සත් ජනපද නියෝජිතයන් සහ චීන නියෝජිතයන් අතර හමුවක් ස්විට්සර්ලන්තයේ සූරිච් නුවරදී පවත්වා තිබෙනවා.

මෙම සාකච්ඡාව ඵලදායී අන්දමින් පැවැත්වුණු බවත්, දෙරටේ නියෝජිතයන් පැය හයක් මුළුල්ලේ සාකච්ඡා පැවැත්වූ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ චීන ජනාධිපති ෂී ජින්පින්ග් අතර විඩියෝ තාක්ෂණය ඔස්සේ හමුවක් පැවැත්වීමට එකඟතාව පළ කරමින් එම සාකච්ඡාව අවසන් වූ බව ඇමෙරිකාවේ ‘ද නිව්යෝක් ටයිම්ස්’ පුවත් වෙබ් අඩවිය සදහන් කරනවා.

මීට පෙර ඇමෙරිකා එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂක උපදේශක ජේක් සලිවාන් සහ චීනයේ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයකු වන යැන් ජීචි යන නියෝජිතයන්ගේ ප්‍රධානත්වයෙන් ඉකුත් මාර්තු මාසයේ දී සාකච්ඡාවක් පැවැත්වුණා.

එම සාකච්ඡාවේදී දෙපාර්ශවයම ආක්‍රමණශීලි සහ දැඩි ස්ථාවරයක් අනුගමනය කළද මෙවර සාකච්ඡාවේදී දෙපාර්ශවයම අඩියක් පසුපසට ගනිමින් සංවාදශීලි සහ ඵලදායී සාකච්ඡාවක් පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.

ඉකුත් මාස කිහිපයේදී ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් කරන ලද අදහස් දැක්වීම් තමන් සැලකිල්ලට ගන්නා බවත් තමන්ට ‘අලුත් සීත යුද්ධයක්’ අවශ්‍ය නොවන බවත් චීනය ප්‍රකාශ කරනවා.

හොංකො, තායිවානය, ෂින්ජින්ග්, සමුද්‍රීය කටයුතු සහ මානව හිමිකම් මෙන්ම දේශගුණික විපර්යාස කරුණු මුල් කරගනිමින් මේ වනවිට ඇමෙරිකාව සහ චීනය අතර සම්බන්ධතා ඉතා නරක අතට හැරී තිබෙනවා.

ඒ අනුව මාස ගණනාවක සිට දෙරට අතර මේ වනවිට දරුණු මතභේද ඇතිවෙමින් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ලොව විශාලතම ආර්ථිකයන්ට හිමිකම් කියන ඇමෙරිකාව සහ චීනය ලොව බලවත්ම රටවල් දෙක ලෙස ද සැලකෙනවා.

ජෝ බයිඩන් ඇමෙරිකාවේ ජනාධිපති ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව දෙරටේ නායකයන් දෙදෙනා අතර හමුවක් තවමත් පවත්වා නොමැති අතර එවැන්නක ඇති අවදානම සහ අනතුරුදායක තත්ත්වය සම්බන්ධයෙන් දෙරටම අවබෝධයෙන් සිටින බව ද ජාත්‍යන්තර විශ්ලේෂකයෝ පෙන්වා දෙනවා.

RECENT ARTICLES - SINHALA

දළඳා වන්දනාකරුවන්ට දන්සල් දෙන්න සියලු ආගමිකයන් පෙළගැසෙයි

දළදා වන්දනාව සඳහා මහනුවරට පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් දන්සල් සංවිධාන කිරීමට බෞද්ධ මෙන්ම ඉස්ලාම්, හින්දු හා කිතුනු භක්තිකයන්ද ඉදිරිපත්ව සිටින බව මහනුවර මහ නගර සභාව...

කොළඹ එන්න විශේෂ දුම්රිය කිහිපයක්

අලුත් අවුරුදු සැමරීමට සිය ගම්බිම් බලා පිටත්ව ගිය ජනතාවට නැවත කොළඹට පැමිණීම සඳහා විශේෂ දුම්රිය වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව...

රනිල් පිල්ලෙයාන්ට ගත්ත කෝල් එක ගැන විමර්ශනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය පෞද්ගලික ආරක්ෂක නිලධාරියා ලවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරියෙක්ට දුරකතන ඇමතුමක් දෙමින් අත්අඩංගුවේ පසුවන සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්...

POPULAR ARTICLES