31 C
Colombo
Sunday, April 27, 2025

කෘෂිනිලධාරින්ට විදේශගතවීමට අවසර නැහැ-මහින්ද අමරවීර

- Advertisement -

කෘෂිකර්ම අමාත්‍යංශයේ නිලධාරින්ට දීර්ඝ කාලීන විදේශගතවීම් සඳහා අනුමැතිය නොදීමට කෘෂිකර්ම අමාත්‍යවරයා තීරණය කර තිබෙනවා.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී ඊයේ(06) පැවැති පළාත් කෘෂිකර්ම සමුළුවේ දී කෘෂිකර්ම ක්ෂේත්‍රයට අදාළ නිලධාරින් විදේශගතවීම සම්බන්ධව දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් වූ අතර එහිදී පළාත් නිලධාරීන් අමාත්‍යවරයාට යෝජනා කර ඇත්තේ එම නිලධාරින් විදේශගතවීමක දී කෘෂිකර්ම අමාත්‍යවරයාගේ අනුමැතිය අවශ්‍ය වන බැවින් දීර්ඝකාලීන විදේශගතවීම් සඳහා අනුමැතිය ලබා නොදෙන ලෙසයි.

ඒ අනුව මධ්‍යම රජයේ කෘෂිකර්ම අමාත්‍යාංශය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව ඇතුළුව සියලු පළාත් කෘෂිකර්ම ආයතනවල සේවය කරන කෘෂිකර්ම ක්ෂේත්‍රයට අදාළ නිලධාරින්ට දීර්ඝ කාලීන විදේශගතවීම් සඳහා අනුමැතිය ලබා නොදීමට තීරණය කර තිබෙනවා.

කෘෂිකර්ම උපදේශක වැනි තනතුරු රැසක මේ වනවිට පුරප්පාඩු පවතින බවත් වසර ගණනකින් එම පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා බඳවා ගැනීම් සිදු නොකිරීම ඊට හේතුව බවත් පෙන්වාදී තිබෙනවා.

අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ කෘෂිකර්ම අංශයේ නිලධාරින් දීර්ඝකාලයකට විදේශගත වුවහොත් මෙරට කෘෂිකාර්මික අංශය මුළුමනින්ම කඩා වැටීමේ අවදානමකට ලක්වන බව නිලධාරීන් පෙන්වා දුන් බවයි.

මෙම තීරණය දැනට පුරප්පාඩු පවතින තනතුරු සඳහා නව බඳවා ගැනීම් සිදු කරන තෙක් ක්‍රියාත්මක කරන බව ද අමත්‍ය මහින්ද අමරවීර මහතා එහිදි පැවසූ බව කෘෂිකර්ම අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක සඳහන්.

RECENT ARTICLES - SINHALA

මහබැංකු අධිපති සහ භාණ්ඩාගාර ලේකම් ගෝලීය ස්වෛරීත්ව ණය වටමේස සමුළුවට

ගෝලීය ස්වෛරීත්ව ණය වටමේස සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සහ භාණ්ඩාගාර ලේකම් කේ, එම්. එම්....

මහනුවර පාසල් ආරම්භය ගැන නිවේදනයක්

මහනුවර ශ්‍රී දළදා වන්දානව වෙනුවෙන් නිවාඩු ලබාදුන් පාසල් 24ක් හෙට (28) යළි ආරම්භ කරන බව මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය නිවේදනය කරනවා. තවද මහජනතාවට පහසුකම්...

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු සපිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අද (27) පස්වරු 12.30ට නිකුත්කරන ලද එම නිවේදනය අද රාත්‍රී 11.00 දක්වා වලංගු වන...

POPULAR ARTICLES