30 C
Colombo
Friday, December 20, 2024

අහුංගල්ලේ වෙඩි තැබීමට පැමිණි යතුරු පැදිය සොයා ගනී

- Advertisement -

අහුංගල්ල,  බෝගහපිටිය, ලෝකන්වත්ත ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීම සඳහා ඝාතකයන් පැමිණී බවට සැක කෙරෙන යතුරු පැදිය සොයා ගෙන ඇති බවට පුවතක්  ‘ලංකාදීප’ වාර්තා කරනවා.

කොස්ගොඩ පොලීසිය පවසා ඇත්තේ බාන්වැල්දූව ප්‍රදේශයේ කුරුඳු ඉඩමක ගිනි තබා තිබියදී මෙම යතුරු පැදිය සොයාගත් බවයි.

ලද තොරතුරක් අනුව මෙම යතුරු පැදිය සොයා ගන්නා විට හඳුනා ගත නොහැකි සේ ගිනි තබා තිබූ බව කොස්ගොඩ පොලිසිය තවදුරටත් සඳහන් කර තිබෙනවා.

 පසුගිය 08 වනදා රාත්‍රි 8 ට පමණ අහුන්ගල්ල. බෝගහපිටිය ලෝකන්වත්ත ප්‍රදේශයේ නිවසකදී යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් කුඩා ගිනි අවියකින් වෙඩි තබා ඝාතනයක් සිදු කළා.

පොලිසිය සඳහන් කළේ, යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු නිවසක සිටි පුද්ගලයෙකුට වෙඩි තබා පලා ගොස් ඇති බවයි.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා බලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඩුබායිහි සිටින නදී ෆාබෲ නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ පියා එලෙස වෙඩි තබා ඝාතනය කර ඇති බවද පොලිසිය සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

බ්‍රිතාන්‍යයෙන් ලංකාවට ආයෝජන මාර්ග රැසක්

බලයට පත්වී කෙටි කාලයක් තුළ ආණ්ඩුව ආර්ථික ස්ථායීකරණය සම්බන්ධයෙන් ලබා ඇති ප්‍රගතිය පැසසිය යුතු බව ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෘ පැට්‍රික් මහතා පවසනවා. ඔහු...

ඉදිරි මැතිවරණය ගැන අනුරගෙන් ඉඟියක්

පළාත් පාලන මැතිවරණය එළැඹෙන සිංහල අලුත් අවුරුද්දට පෙර පැවැත්වීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඒ සඳහා වූ නාමයෝජනා නැවත කැඳවීමට අදාළ පනත...

අමෙරිකානු තානාපතිනිය මහජන ආරක්ෂක අමාත්‍යවරයා හමුවෙලා

ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනී ජූලී චන්ග් මහත්මිය අද (20) මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා හා නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා...

POPULAR ARTICLES