30 C
Colombo
Monday, January 13, 2025

තෛපොංගල් සමරන්න ඉන්දියාවෙන් මෙරටට ආධාර

- Advertisement -

ආර්ථික අපහසුතාවයන් නිසා මෙවර තෛපොංගල් උත්සවය සැමරීමට නොහැකි අඩු ආදායම්ලාභී යාපනය ප්‍රදේශයේ පවුල් සඳහා යාපනය පිහිටි නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් පොංගල් කිරිබත් පිසීමට අවශ්‍ය ද්‍රව්‍ය හා මුදල් ඊයේ (12) දින පරිත්‍යාග කර තිබෙනවා.

ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් සායි මුරලි විසින් යාපනය සුෂි පුරම් කලෙයිමගල් ක්‍රීඩාංගණයේදී මෙම ප්‍රදානය සිදු කළ බව සදහන් වනවා.

එමෙන්ම, මීට සමගාමීව යාපනයේ අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන් 78කට පාසල් උපකරණ බෙදා දීමටද ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය පියවර ගෙන තිබෙනවා.

මෙම අවස්ථාවට සහභාගී වූ ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් සායි මුරලි සඳහන් කළේ තෛපොංගල් උළෙල ඉන්දියාවේත් මෙරටත් දමිළ ප්‍රජාවගේ ඉතා වැදගත් උත්සවයක් වන බැවින් ඉන්දියානු ජනතාව සහ ලාංකික ජනතාව අතර මිත්‍රත්ත්වය වැඩි දියුණු කිරීමේ අරමුණෙන් මෙම වැඩසටහන සංවිධානය කළ බවයි.

RECENT ARTICLES - SINHALA

පහර කෑ තරුණයෙක් පොලීසියේ රඳවා ගැනීම ගැන විමර්ශනයක්

පුද්ගලයන් පිරිසක් විසින් පහර දෙනු ලැබූ තරුණයකු රෝහල් ගත නොකර යක්කල පොලිසියේ  සිර මැදිරියේ රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී...

කාලගුණයෙන් ඉදිරි පැය 36 ගැන නිවේදනයක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරි පැය 36 සඳහා වලංගු වන පරිදි නවතම කාලගුණ අනාවැකියක් නිකුත් කර තිබෙනවා. අද (13) පස්වරු 4ට නිකුත් කළ එම නිවේදනයෙහි...

කසිප්පු අල්ලන්න ඔරුවෙන් ගිය පොලිසියේ 4ක් වැවට වැටිලා

නීති විරෝධී මත්පැන් ජාවාරමක් පිළිබද විමර්ශනය කිරීම සදහා ධීවරයකුට අයත් ඔරුවකින් අම්පාර කොන්ඩුවටුවාන වැවෙන් එගොඩවීමට ගිය අම්පාර පොලිසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති ඇතුළු නිලධාරීන්...

POPULAR ARTICLES