25 C
Colombo
Friday, November 29, 2024

කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක වායු තත්වය නරක අතට

- Advertisement -

පසුගිය දිනවල ඇති වූ අධික වර්ෂාපතනයත් සමඟ කොළඹ ඇතුළු  ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල වායු තත්ත්ව දර්ශකය ඉහළගොස් ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා.

මේ දිනවල අහසේ දක්නට ලැබෙන අඳුරු ආලෝකය පිළිබඳ පැහැදිලි කිරීමක් සිදුකරමින් මධ්‍යම පරිසර අධිකාරියේ  මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය අජිත් ගුණවර්ධන මහතා සඳහන් කළා.

ඔහු පැවසුවේ  පසුගියදා ඇති වූ අධික වර්ෂාපතනයත් සමග එම දර්ශකය ඉහළ යෑම හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල මීදුම් තත්ත්වයකට සමාන දූවිලි තත්ත්වයක් දක්නට ලැබුණු බවයි.

මෙරට වායු තත්ත්ව දර්ශකය 50 අඩු අගයක තිබෙන බවද අජිත් ගුණවර්ධන මහතා පෙන්වා දුන්නා.

ඔහු තවදුරටත් සඳහන් කළේ අහිතකර කාලගුණ තත්ත්වය හේතුවෙන් උතුරු සහ අන්තර් දේශ සීමාවේ තිබෙන වායු දූෂකකාරක මෙරටට ඇතුළුවීම මෙම තත්ත්වයට හේතුව බවයි.

මේ තත්වය සමඟ අනුරාධපුර, යාපනය, කොළඹ වැනි ප්‍රදේශවල වායු තත්ත්ව දර්ශකය 180 වැනි ඉහළ අගයකට ගොස් ඇති බවද මධ්‍යම පරිසර අධිකාරියේ  මාධ්‍ය ප්‍රකාශක පෙන්වා දුන්නා.

වායුගෝලයේ දුවිලි අංශු වැඩිවීම මිනිසාට අහිතකර බවත්, ස්වසන අපහසුතා තියෙන සංවේදී පුද්ලයන් මේ පිළිබඳ වැඩි සැලකිල්ලක් දක්වා වෛද්‍ය උපදෙස් ගත යුතු බවත් ඔහු තවදුරටත් අවධාරණය කළා.

කෙසේ වෙතත් හෙට (30) දිනය වනවිට මෙම තත්ත්වය පහව යනු ඇති බවද අජිත් ගුණවර්ධන මහතා සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

අල්ලස් ගත් ස්ථානාධිපතිවරයෙක් අත්අඩංගුවට

අල්ලස් ගත් බවට සිදුකළ විමර්ශනයකින් අනතුරුව මීගමුව කොට්ඨාස වංචා විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මෝටර් රථයක් සම්බන්ධයෙන් සිදුවූ ආරවුලකට අදාලව...

අයහපත් කාලගුණය ජීවිත 15ක් බිලි අරන්

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය මඟින් දිවයිනේ කාලගුණ පද්ධතියට සිදු වු බලපෑම අදින් පසුව අඩුවනු ඇතැයි අපේක්ෂා කරන බව කාගුණවිද්‍යා...

ජපානෙන් ලංකාවට තෑග්ගක්

ජපාන රජය විසින් පරිත්‍යාග කළ ඇමෙරිකානු ඩොලර් මිලියන 8.4 ක් වටිනා භාණ්ඩ සහ උපකරණ තොගයක් සංක්‍රමණිකයන් සදහා වූ ආයතනයේ මැදිහත් වීම මත කටුනායක ගුවන්...

POPULAR ARTICLES