25.7 C
Colombo
Monday, March 31, 2025

ටාර්ගට් ඩ්‍රෝන යානය ගැන ගුවන් හමුදාවෙන් විමර්ශන

- Advertisement -

ත්‍රිකුණාමලයට ආසන්න මුහුදේදී මෙරට ධීවරයින් පිරිසකට ඊයේ(26) පස්වරුවේ හමු වූ ටාර්ගට් ඩ්‍රෝන යානය පිළිබඳව විමර්ශනයක් කරන බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කැප්ටන් එරන්ද ගීගනගේ මහතා ප්‍රකාශ කර තිබෙනවා.

ත්‍රිකුණාමලයේ සිට කිලෝමීටර් 35ක් පමණ දුරින් සී ඔෆ් ශ්‍රී ලංකා හෙවත් ශ්‍රී ලංකා මුහුදු කලාපය තුළ තිබී ධීවරයින් පිරිසක් ඊයේ(26) මෙම ටාර්ගට් ඩ්‍රෝන යානය සොයා ගෙන තිබුණා.

පසුව එය ගොඩබිමට රැගෙනවිත් පොලීසියට භාරදී තිබූ අතර මේ වනවිට එය ඇත්තේ ගුවන් හමුදාව භාරයේයි.

ධීවරයින් සොයාගත් යානයේ සඳහන් වන ආකාරයට එය ඇනඩ්‍රෝන් නමැති ඉන්දීය සමාගමකින් නිෂ්පාදනය කරන ෂික්රා වර්ගයේ ටාර්ගට් ඩ්‍රෝන යානයක්.

ඉන්දියාවේ ඔඩිස්සා ප්‍රාන්තයේ මෙම ටාර්ගට් ඩ්‍රෝන යානා නිෂ්පාදනය කෙරන අතර අදාළ සමාගම ඉන්දීය ආරක්ෂක අමාත්‍යංශයේ බලපත්‍රලාභී සමාගමකි.

ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇති ආකාරයට එරට නාවික හමුදාව පසුගිය මාර්තු මාසයේදී ෂික්රා වර්ගයේ ඩ්‍රෝන යානා 100ක් මිලදී ගෙන තිබුණා.

ඔවුන් මෙය යොදා ගන්නේ බරපතළ පුහුණු අභ්‍යාසවලදී ගුවන් ආරක්ෂණ හැකියාව වර්ධනය කර ගැනීම සඳහායි.

පසුගිය කාලයේ අවස්ථා කිහිපයකදී ඉන්දීය ධීවරයින්ද මෙවැනි ටාර්ගට් ඩ්‍රෝන යානා කිහිපයක් මුහුදේ තිබී සොයා ගෙන තිබුණා.

2020 වසරේ මෙවැනි යානයක් හමුවී තිබුනේ Anadrone සමාගම පිහිටි ඔඩිස්සා ප්‍රාන්තයට සමීප මුහුදේදීයි.

පසුගිය මාර්තු මාසයේදීත් ඔඩිස්සා ප්‍රාන්තයේ පූරි ප්‍රදේශයට සමිප මුහුදේ තිබී Anadrone සමාගමට අයත් ටාර්ගට් ඩ්‍රෝන යානයක් ඉන්දීය ධීවරයින්ට හමුවි තිබෙනවා .

RECENT ARTICLES - SINHALA

රාමසාන් හෙට

මුස්ලිම් ජනතාව හෙට (31) දින රාමසාන් උත්සවය සමරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කරනවා. හිලාල් අනුකමිටුවල වාර්තාවන්ට අනුව, හිජ්රි 1446 ෂව්වාල් මාසයේ නවසඳ අද දින...

සමාජ මාධ්‍යවල යන පුවතක් ගැන පොලිසියේ කතාව

කොළඹ පිහිටි සුපිරි වෙළෙඳ ම්‍යධ්‍යස්ථානයක සේවයකළ වයස අවුරුදු 22ක්වූ තරුණයකු ඉකුත් 22වනදා අත්අඩංගුවට ගැනීමට අදාළව යම් සමාජ මාධ්‍යවල කිසියම් පිරිසක් විසින් ඊට සබැඳි ව්‍යාජ...

පාස්කු ප්‍රහාරය පරීක්ෂණ ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්

එළැබෙන අප්‍රේල් 21වනදාට පෙර පාස්කු ප්‍රහාරයට වගකිවයුතු කිහිප දෙනෙකු හෙළිදරව් කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. පාස්කු ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ කඩිනමින්...

POPULAR ARTICLES

රාමසාන් හෙට

මුස්ලිම් ජනතාව හෙට (31) දින රාමසාන් උත්සවය සමරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කරනවා. හිලාල් අනුකමිටුවල වාර්තාවන්ට අනුව, හිජ්රි 1446 ෂව්වාල් මාසයේ නවසඳ අද දින...

ටොංගා රාජ්‍ය ආසන්නයේත් භූකම්පනයක්

පැසිෆික් දූපත් සමුහයක් වන ටොංගා රාජ්‍ය ආසන්නයේ ඇති වූ ප්‍රබල භූකම්පනයක් හේතුවෙන් ඒ අවට ප්‍රදේශයට සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත. අද (30)  ඇති වූ...

සමාජ මාධ්‍යවල යන පුවතක් ගැන පොලිසියේ කතාව

කොළඹ පිහිටි සුපිරි වෙළෙඳ ම්‍යධ්‍යස්ථානයක සේවයකළ වයස අවුරුදු 22ක්වූ තරුණයකු ඉකුත් 22වනදා අත්අඩංගුවට ගැනීමට අදාළව යම් සමාජ මාධ්‍යවල කිසියම් පිරිසක් විසින් ඊට සබැඳි ව්‍යාජ...