26 C
Colombo
Friday, October 25, 2024

රත්‍රං සමඟ ගුවන් තොටුපොළ සේවිකාවක් අත්අඩංගුවට

- Advertisement -

රුපියල් කෝටි 5කට අධික වටිනා රන් ආභරණ සහ රත්රන් ජෙල් තොගයක් කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කිරීමට උත්සාහ කළ ගුවන් තොටුපොළ පෞද්ගලික පිරිසිදු කිරීමේ ආයතනයක සේවිකාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් මෙම කාන්තාව අද (10) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු කාන්තාව වේයන්ගොඩ, මිරිදියලන්ද ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි වියේ පසුවන තැනැත්තියක්.

ගුවන් තොටුපොළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ වැසිකිළියක් තුළදී මෙම රන් ආභරණ සහ ජෙල් තොගය අඩංගු පාර්සලය කාන්තාවක් විසින් මෙම සේවිකාවට ලබා දී ඇති බව වාර්තා වනවා.

එය ගුවන් තොටුපොළෙන් පිටත සිටින පුද්ගලයෙකුට ලබාදුන් පසු ඇයට රුපියල් 60,000ක මුදලක් ලබාදෙන බවට අදාළ කාන්තාව විසින් පොරොන්දු වී තිබෙනවා.

එම පොරොන්දුව මත තමන් එම පාර්සලය රැගෙන ගිය බවයි පිරිසිදු කිරීමේ සේවිකාව රේගු නිලධාරීන් හමුවේ පවසා ඇත්තේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු පාර්සලය තුළ රත්රන් ආභරණ කිලෝග්‍රෑම් 01යි ග්‍රෑම් 400ක් සහ කිලෝග්‍රෑම් 01යි ග්‍රෑම් 350ක් බරැති රත්තරන් ජෙල් තොගයක් තිබී සොයාගෙන තිබෙනවා.

රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීවරයෙකු සඳහන් වන්නේ, මෙම රත්තරන් ජෙල් තොගය තුළ 95% ක ප්‍රතිශතයක ප්‍රමාණයකින් පිරිසිදු රත්තරන් ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

ඇල්පිටිය ඡන්ද විමසීම හෙට

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම සඳහා අවශ්‍ය සියලු නිලධාරින්, ඡන්ද පත්‍රිකා සහ අනෙකුත් බඩුබාහිර අදිය අද (25) අදාළ මධ්‍යස්ථාන වෙත රැගෙන යන බව මැතිවරණ...

මොනර මස් කෑ තවත් විදේශිකයන් පිරිසක් සොයා විමර්ශන

විදේශිකයෙක් ආදිවාසීන් සිව්දෙනෙකුද සමග එක්ව මාදුරුඔය ජාතික වනෝද්‍යානයට අනවසරයෙන් ඇතුළු වී මොනරෙකු මරා ආහාරයට ගන්නා අයුරු රූ ගතකළ වීඩියෝවක් සම්බන්ධයෙන් වනජීවි දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ...

නිවෙස් කොල්ලකෑ සැකකරුවෙක් අත්අඩංගුවට

ජා-ඇල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මාකවිට ප්‍රදේශයේදී වරෙන්තු නිකුත් වී සිටි සැකකරුවෙකු ඊයේ (24) අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සැකකරු වයස අවුරුදු 28ක් වන ගෝනෑව,...

POPULAR ARTICLES

හොංකොං යන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය මෙන්න

හොංකොං ඉන්ටර්නැෂනල් සික්සස් තරඟාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා. නොවැම්බර් 1 - 3 වනදා දක්වා පැවැත්වෙන එම තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් 7 දෙනෙකුගෙන්...

ගම්පහ ඉන්න අයට විශේෂ දැනුම්දීමක්

‍ගම්පහ සම්ප්‍රේෂණ නල මාර්ගයේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අඩු පීඩනයක් යටතේ ජලය සැපයීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය...

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින ලාංකිකයින්ට විශේෂ නිවේදනයක්

එක්සත් අරාබි එමීර් රාජ්‍ය විසින් ප්‍රකාශයට පත් කර ඇති පොදු සමා කාලය 2024 ඔක්තෝබර් මස 31 වන දිනෙන් අවසන් වීමට නියමිත බව ඩුබායි හි...