24 C
Colombo
Wednesday, December 25, 2024

පාකිස්ථානයෙන් ඇෆ්ගනින්ථානයට ගුවන් ප්‍රහාර – 15ක් මරුට

- Advertisement -

ඇෆ්ගනිස්ථානයේ පක්ටිකා පළාතේ බර්මාල් දිස්ත්‍රික්කයට පාකිස්ථානය එල්ල කළ ගුවන් ප්‍රහාර මාලාවකින් කාන්තාවන් සහ ළමුන් ඇතුළුව පුද්ගලයින් 15 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඊයේ (24) රාත්‍රියේ එල්ල කළ මෙම ප්‍රහාරවලින් ලාමන් ඇතුළු ගම්මාන හතක් ඉලක්ක කර ඇති අතර, එහි දී එකම පවුලක පස් දෙනෙකු මිය ගිය බවයි වාර්තාවන්නේ.

මෙම ප්‍රහාර මාලාව පාකිස්ථාන ගුවන් හමුදාවේ ප්‍රජාරක ජෙට් යානා යොදාගෙන සිදු කර ඇති බවත්,බර්මාල් හි මුර්ග් බසාර් ගම්මානය ප්‍රහාර හමුවේ දැඩි විනාශයකට මුහුණ දී ඇති බවත් එම මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.

එමෙන්ම ගුවන් ප්‍රහාර හේතුවෙන් සිවිල් වැසියන්ට බරපතල හානි සහ පුලුල් විනාශයක් සිදුවී ඇති අතර, කලාපයේ ආතතීන් තවදුරටත් උත්සන්න කරන බවයි වාර්තාවන්නේ.

බර්මාල්, පක්ටිකා වෙත එල්ල කළ ගුවන් ප්‍රහාරයෙන් පසු පාකිස්ථානයට ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට තලේබාන් ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රතිඥා දී ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

ප්‍රදේශ කිහිපයකට පැය 18ක ජල කප්පාදුවක්

කළුතර දකුණ, කළුතර උතුර, වාද්දුව, වස්කඩුව, මොරොන්තුඩුව සහ බෝම්බුවල යන ප්‍රදේශවලට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ඇති බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය...

සොරකම් රැසක් සිදුකළ කල්ලියක් කොටුවෙලා

දිවයිනේ විවිධ ප්‍රදේශවල නිවාස හා රන් ආභරණ වෙළෙඳසැල් 21කට අධික සංඛ්‍යාවක් බිඳ රුපියල් කෝටි ගණනක මුදල්, රන් භාණ්ඩ, ජංගම දුරකථන ඇතුළු දේපොළ සොරාගත් සැකකරුවන්...

අලි බලන්නත් ඔන්ලයින් ටිකට්

පින්නවල අලි සංරක්ෂනාගාරය නැරඹීම සඳහා බලාපොරොත්තු වෙන දෙස් විදෙස් සංචාරකයන්ට අන්තර්ජාලය හරහා මාර්ගගත ක්‍රමයට ප්‍රවේශ පත්‍ර මිලදි ගත හැකි බව සත්වෝද්‍යාන අධ්‍යක්ෂක ජනරාල් රංජන්...

POPULAR ARTICLES

ප්‍රදේශ කිහිපයකට පැය 18ක ජල කප්පාදුවක්

කළුතර දකුණ, කළුතර උතුර, වාද්දුව, වස්කඩුව, මොරොන්තුඩුව සහ බෝම්බුවල යන ප්‍රදේශවලට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ඇති බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය...

ගෝලීය සාගතය උග්‍ර වෙලා

ලොව ධනවත් රටවල් සාගතයෙන් පීඩා විදින ලෝ වැසියන්ට ආධාර ලබාදීම අවම වීමත් සමග ගෝලීය සාගතය උග්‍ර වෙමින් පවතින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා. ඔවුන් අවධාරණය...

සොරකම් රැසක් සිදුකළ කල්ලියක් කොටුවෙලා

දිවයිනේ විවිධ ප්‍රදේශවල නිවාස හා රන් ආභරණ වෙළෙඳසැල් 21කට අධික සංඛ්‍යාවක් බිඳ රුපියල් කෝටි ගණනක මුදල්, රන් භාණ්ඩ, ජංගම දුරකථන ඇතුළු දේපොළ සොරාගත් සැකකරුවන්...